IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිමෙන්ති නිෂ්පාදන සමාගමෙන් කෝටි තුනක ඇණ මුරුච්චි සොරා ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම පාලවිය සිමේන්ති නිශ්පාදන සමාගමක ගබඩාවක තිබු රුපියල් කෝටි තුනකට ආසන්න තඹ මිශ්‍ර කේබල, ඇණ හා වෝෂර් තොගයක් සොරකම් කළ බව කියන ප්‍රධාන සැකකරු පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින අත් අඩංගුවට ගෙන තිබුනී.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාල සිමේන්ති සමාගම ඉදිරිපිට පදිංචි 48 හැවිරිදි අයකු වන අතර මෙම සොරකමට සම්බන්ධ අදාල ආයතනයෙ සේවය කල පුද්ගලික ආරක්ෂක අංශයක සාමාජීකයන් දෙදෙනෙකු හා මෙම සොරකමට අනුබල දුන් බවට සැක අයකු ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගැනිමට නියමිත බව අදාල සිද්දිය සම්බන්ධව පරික්ෂණ පවත්වන අපරාධ විමර්ශ අංශ නිළධාරින් පවසයි.

අවස්ථා දෙකකදී සොරා ගෙන ඇති රුපියල් කෝටි තුනකට ආසනන් තඹ මිශ්‍ර කේබල් හා ඇණ,බෝල්ට් හා වෝෂර් තොගය පුත්තලම හා අවට ප්‍රදේශවල පරණ යකඩ මිළදි ගැනිමේ ස්ථානවලට විකුණා ඇත්තේ රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න ඉතාම අඩු මුදලකට බවද පොලිස් පරික්ෂණ වලදි සොයා ගෙන තිබේ.

තඹ මිශ්‍ර ඇණ,බෝල්ට්,වෝෂර් තොගය සොයා ගෙන තිබුනද  තඹ මිශ්‍ර කේබල් තොගය මිළදි ගෙන තිබු පරණ යකඩ මිළදි ගැනිම් කරුවන් තඹ උණු කිරීම්වලට යොදා ගෙන තිබු බව තහවුරු වි ඇතැයි පොලිසිය කියයි.



අදහස් (1)

සිමෙන්ති නිෂ්පාදන සමාගමෙන් කෝටි තුනක ඇණ මුරුච්චි සොරා ගනී

Lalith M Saturday, 20 August 2022 09:45 AM

මූලාශ්‍රය නොදන්න බඩු මිලදී ගන්නන් අත්අඩංගුවට ගෙන පැරණි රජ දඬුවම් දෙන තාක් රටේ සොරකම අඩුකරන්න බෑ. සොරබඩුවලට වෙළඳපලක් තියෙන නිසා නේද සොරකම කොල්ලකෑම දිගටම තියෙන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site