
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පාලවිය සිමේන්ති නිශ්පාදන සමාගමක ගබඩාවක තිබු රුපියල් කෝටි තුනකට ආසන්න තඹ මිශ්‍ර කේබල, ඇණ හා වෝෂර් තොගයක් සොරකම් කළ බව කියන ප්‍රධාන සැකකරු පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින අත් අඩංගුවට ගෙන තිබුනී.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාල සිමේන්ති සමාගම ඉදිරිපිට පදිංචි 48 හැවිරිදි අයකු වන අතර මෙම සොරකමට සම්බන්ධ අදාල ආයතනයෙ සේවය කල පුද්ගලික ආරක්ෂක අංශයක සාමාජීකයන් දෙදෙනෙකු හා මෙම සොරකමට අනුබල දුන් බවට සැක අයකු ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගැනිමට නියමිත බව අදාල සිද්දිය සම්බන්ධව පරික්ෂණ පවත්වන අපරාධ විමර්ශ අංශ නිළධාරින් පවසයි.
අවස්ථා දෙකකදී සොරා ගෙන ඇති රුපියල් කෝටි තුනකට ආසනන් තඹ මිශ්‍ර කේබල් හා ඇණ,බෝල්ට් හා වෝෂර් තොගය පුත්තලම හා අවට ප්‍රදේශවල පරණ යකඩ මිළදි ගැනිමේ ස්ථානවලට විකුණා ඇත්තේ රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න ඉතාම අඩු මුදලකට බවද පොලිස් පරික්ෂණ වලදි සොයා ගෙන තිබේ.
තඹ මිශ්‍ර ඇණ,බෝල්ට්,වෝෂර් තොගය සොයා ගෙන තිබුනද තඹ මිශ්‍ර කේබල් තොගය මිළදි ගෙන තිබු පරණ යකඩ මිළදි ගැනිම් කරුවන් තඹ උණු කිරීම්වලට යොදා ගෙන තිබු බව තහවුරු වි ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූලාශ්‍රය නොදන්න බඩු මිලදී ගන්නන් අත්අඩංගුවට ගෙන පැරණි රජ දඬුවම් දෙන තාක් රටේ සොරකම අඩුකරන්න බෑ. සොරබඩුවලට වෙළඳපලක් තියෙන නිසා නේද සොරකම කොල්ලකෑම දිගටම තියෙන්නේ...?