
(අප්සරා යෝසිත් විජේසූරිය )
රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත්දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු රත්නපුර සහකාර කොමසාරිස් පී.ඩී. නිහාල් මහතා රත්නපුර පොලිසියට පැමිණිලි කර ඇතිබව රත්නපුර පොලිසිය පවසයි.
මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතාගෙන් දුරකථන මගින් කළ විමසීමේදී ඔහු පැවසුවේ සබරගමුව මහ සමන් දේවාලයේ ඉකුත් වසරේදී කළ භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව මෙම ඇත්දළ යුගල් දෙක දේවාලයේ නොමැති බව තහවුරු වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් දෙවියන්ගෙන් තමයි අහන්න වෙන්නේ ගත්ත කෙනා ගැන
දෙයියන්ගේ ගාස්තුව ගෙවලා නැති නිසා සීසර්ලා උස්සලා.
අහන්න දෙයක් නෑ ඕක අනිවාරියෙන් ඊයේ පෙරේදා අලුත් JVP/ MALIMA කාරයෙක් නේද නිලමේ වශයෙන් අලුතින් පත් කළේ??? අන්න ඌ වැඩ පටන් ගෙන වගේ.. මොකද ජෙප්පො. මලිමාවේ උන් සෙරම් හිතන්නේ උන් රහත් උන උන් කියලා.. කෙලෙස් සේරම නසාපු උන් කියලා.. අන්න එනිසා මුන් සේරම හරි පිරිසිදු හොරු ...
හැමතැනම හොරු උඩ ඉඳන් පල්ලෙහා වෙනකන්... අලුත් ආණ්ඩුවෙන් වෙනසක් කරයි කියලා හිතෙනවා.
ඕවායේ කොහේද දෙවියන් ඉන්නේ? හොරුන්ට නිකමුන්ට නවාතැන් වෙලා.
පොහොට්ටුවේ අය තමයි ඔය වගේ දේවල් කවදත් කෙරුවේ. ඒවාට ඕනෑතරම් උදාහරණ තියෙනවා. දූශිත පවුල් පාලන ආණ්ඩුව තියෙන කාලේ කටුගෙයි වටිනා පුරාවස්තු අතුරුදහන් වෙචිචි හැටි, ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
සරත්, විවේචනය හොඳ දෙයක්.. නමුත් මෙම ලිපියෙහි සඳහන් දේ කියවා තේරුම් ගෙන විවේචනය කළොත් තමයි වඩාත් සුදුසු. තවත් ආකාරයකින් කිව්වොත් විගණනය කර ඇත්තේ, පහුගිය වර්ෂයේදී... ඊයේ පෙරේදා නොවේ...
පහුගිය දවස්වල වර්ජනය කළේ ඕවාට තමයි. ‘‘රස දන්නෝ රස අඳුනති...‘‘
ලොකු ලාභයක් තිබ්බේ නෑ...