(සජීව විජේවීර)
අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමට හසුවී ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට සහාය වීමට ගිය නාවික හමුදාවේ සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවෙත ළඟා වී ඇතැයි නාවික හමුදාව පවසයි.
සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන හා ආහාරපාන රැගෙන පිටත්ව ගියේ පසුගිය 21 වැනි දින දී ය.
නාවික හමුදාව පවසන්නේ එම බහුදින යාත්‍රා සමඟ සන්නිවේදන සම්බන්ධතා ගොඩනගාගෙන ඇති අතර මේ වනවිටත් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන එම යාත්‍රාවලට අවශ්‍ය වෛද්‍යාධාර, ආහාර, ජලය සහ ඉන්ධන සැපයීමට අවශ්‍යපරිදි කටයුතු කරන බවයි.
මේ වනවිට ඉන්දියන් සාගරයේ කුණාටු තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇති අතර මේ ධීවරයන් සියළු දෙනා නිරුපද්‍රිතව ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට රැගෙන එ්මට හැකි බව ද නාවික හමුදාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ ක්‍රියාවක්. නාවික හමුදාව නැතිනම් මේ වගේ අවස්ථාවල ඔවුන්ට සරණ වීමට කිසිවෙකු නැහැ. මේ වගේ ක්‍රියාවලට පැසසුම් කළයුතු වන අතර, අර නාවික හමුදාවට අපහාස වන අයුරින් කමෙන්ට් දාපු අය සහ ගෙදර අාපු අය හොයහොයා කෝල් දීපු අය මොකද දන්නේ නැහැ මේ වගේ ක්‍රියාන්විතවලට කියන්නේ...?
සත්‍ය වශයෙන්ම,මේ අගනා ක්‍රියාවට නාවික හමුදාපති තුමා ඇතුළු ඊට සම්බන්ධ සියලුම නාවික හමුදාවේ අයටත්,මෙය පරිපාලනය කළ සියළු දෙනාටත්,රජයටත් ස්තුති වේවා !!! වැරදි අඩුපාඩු වලදී රජය විවේචනය කරන අපි මෙවන් අවස්ථාවලදී රජයට ස්තුති කිරීමටද අමතක නොකරන්නෙමු.
ඉන්දුනීසියාවේ තිබෙන ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයට බැරිද එහෙ රජය සමග සාකච්ඡාකර මේ යාත්‍රාවලට අවශ්‍ය දේවල් සපයලා නැවත ලංකාවට එවන්න.