(සම්පත් ප්‍රියනන්දන)
තර්කානුකූලව ගත් විට සමෘද්ධි ව්‍යාපාරය කියන්නෙ අසාර්ථක ව්‍යපාරයක් බවත් තමන්ට බලය තියෙනවානම් සමෘද්ධි ව්‍යාපාරය අහෝසි කරන බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා අද (28) බලංගොඩදී පැවැසීය.
දිළිඳුකම පිටු දැකීමට සමෘද්ධි නිලධාරීන්ට රැකියාවක් ලැබුණම එම නිලධාරීන්ගේ දිළිඳුකම නැති වෙන බවත් විශාල ප්‍රමාණයකට සමෘද්ධි සහනාධාර දුන් පසු ඒ දෙන දේශපාලඥයන්ගේ දිළිඳුකමද නැති වන බවත් ධම්ම දිසානායක මහතා කීය.
සමෘද්ධි ව්‍යාපාරය ඡන්ද මැෂිමක් බව පසුගිය ආණ්ඩුවක ඇමතිවරයෙක් පැවැසූ බවත් අපේ ව්‍යාපාරය විය යුත්තේ දුප්පත් කම අඩු කරන මැෂින් හදන එක බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුනේ දැන් තමයි... !
තර්කානුකූලව ගත් විට සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ අසාර්ථක ව්‍යපාරයක් බවත් තමන්ට බලය තියෙනවා නම් සමෘද්ධි ව්‍යාපාරය අහෝසි කිරීමට ඔබේ ඉදිරිපත් කරන විකල්පය කුමක්ද? ඕනෑම කෙනෙකුට ඔබගේ තර්කය ඉදිරිපත් කලහැක. නමුත් විකල්පය කුමක්ද කියා කිසිවෙක් කියන්නේ නැත. සමෘද්ධි ව්‍යාපාරයෙන් සිදුවන්නේ තව දුරටත් ලංකාවේ දුප්පත්කම රදවා ගැනීමක් මිස වෙන දෙයක් නොවේ. නමුත් ලංකාවේ දේශපාලකයන් සමෘද්ධි ව්‍යාපාරය මගින් දුප්පත්කම නැතිකරනබව කිවත් මෙතෙක් දුප්පත්කම වදිවුවා මිස අඩු වී නැත. ආණ්ඩුකාරවරු, මහාචාර්යවරු දේශපාලකයන් සමෘද්ධි ව්‍යාපාරයට බනිනවා හැර එය නැතිකිරීමට හෝ අඩුකිරීමට මෙතෙක් ඉදිරිපත් කර ඇති විසදුම කුමක්ද? දේශපාලකයාට බැනවැදීෙමන් ඵලක් නොමැත. උගතුන්, බුද්ධිමතුන් සිටින්නේ කුමටද? පාසල් තුළදී නිසි අධ්‍යාපනයේ නිවැරදි වෙනස්කම් නිවැරදි වෙලාවට දුන්නේ නම් අද ලංකාවේ සමෘද්ධි ව්‍යාපාරය පවත්වා ගෙනයාමට අවශ්‍ය නැත. වර්තමාන රජය අධ්‍යාපනය සිදුකරමින් පවතින කාලීන වෙනස්කම්වලට පවා සමහරුන් බැණ වදිමින් සිටියි. වෙනස් විය යුතුදේ වෙනස්විය යුතු වෙලාවට වෙනස් කළයුතුමයි.
විපක්ෂයේ ඉන්නවිට සමෘද්ධි හොඳ නෑ කියනවා. ආණ්ඩු පක්ෂයේ ඉන්නවිට බලන්නේ පුලුවන් තරම් තමුන්ගේ අයට සමෘද්ධි දෙන්න. ජාතික ප්‍රතිපත්තියක් නැති රටක් කවදාවක් හැදෙන්නේ නැත. තට්ටු මාරු ක්‍රමේට නිදහසින් පසු රට වලපල්ලටම ඇදගෙන ගොස් තිබේ. මේ රටට ඕන මොලෙන් වැඩ කරන නායකයෙක්...
නිකම් බෙදන කොයි ව්යාපරෙත් අසාර්ථකයි. මිනිසුන්ගේ ශ්රමයට සරිලන ගෙවීම් කළොත් එම ව්‍යාපාරය සාර්ථකයි. සමෘද්ධි ශ්‍රම ලාභීන් කීදෙනෙක් අද දියුණුවට පත්වෙලා තියනවාද? ඒ සැවොම තම ශ්‍රමය යොදවා වැඩක් ගත්ත අයයි. නිකන් කන්න ගියොත් වැඩේ අසාර්ථකයි. හැබැයි සමහර දේශපාලුවෝ නම් සමෘද්ධියෙන් ගෙවලුත් හදාගෙන තියෙන්නේ.
සමෘද්ධි, පළාත් සභා සේරම අසාර්ථකයි. සමෘද්ධි ගන්නා සමෘද්ධි ලාභීන් හැමදාම එතැනමයි. නමුත් සමෘද්ධි භාර ඇමතිලා නං ගොඩ... සමෘද්ධි ව්‍යාපාරය ඡන්ද මැෂිමක් බව කියපු අර හිටපු ඇමති, සමෘද්ධි ඇමති ධුරය දරපු කාලේ, ඔහුටම සමෘද්ධි මාලිගාවත් හදලා ඉවරයි.
සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ අසාර්ථකම අසාර්ථක ව්‍යාපෘතියක් මේකෙන් දුප්පත්කම වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සමෘද්ධි දෙන්න ඕන වැඩක් පලක් කරගන්න බැරි මිනිස්සුන්ට.. ඒ කියන්නේ මොනවා හරි ලොකු අබාධයකින් පෙලෙන අයට මිසක් ජොබ් එකක් කරන්න නැති අයට නෙවෙයි. ජොබ් නැති අයට කරන්න පුළුවන් ජොබ් එකකට යන්න අවස්ථාව හදන්න ඕනෑ... ගොවිතැනක් කරනවා නම් ඒ මිනිස්සුන්ට එ්ක පටන් ගන්න දෙයක් කරන්න ඕනෑ.
විසඳුම දුප්පත් කියා අපි සිතන අයගේ ආදායම් මාර්ග ඇතිකර ඔවුන් දුප්පත් කමින් මුදවා ගැනීමයි. නමුත් සමහරු දුප්පත් වන්නේ වුවමනාවෙන්. රැකියාවක් කිරීමට වුවමනාවක් නැතිකම සහනාධාර මානසිකත්වය අලසබව ආදිය හේතුවෙනවා. කෙසේවෙතත් සැබවින්ම දුප්පත් අයත් සිටිනවා. ධනවාදී වෙළඳපල අාර්ථිකයක දුප්පතුන් සිටීම වැළක්විය නොහැකියි. දියුණුයි කියා අපට පෙනෙන රටවලත් දුප්පත් අය සිටිනවා. එවැනි සමහර රටවලත් දුප්පතුන් සඳහා සහනාධාර රජයෙන් ලබාදෙනවා.
හොරුන්ට, තක්කඩියන්ට වැඩේ බාර දීපුවාම මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්...
ධම්ම දිසානායක වැඩියෙන්ම පාවිච්චි කරන වචනය"ඛේදවාචකය. " ඔහුත් මේ රටට ලොකු ඛේදවාචකයකි .. කතාව විතරයි .. කරන දෙයක් නෑ