IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සමාජ සේවය කළාම හොරා කියන තැනට රට වැටිලා

(කේ.ඩී.දේවප්‍රිය සහ එම්.කේ.නන්දසේන)

මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ රෝගී දරවන්ට කළේ සේවයක්. මා කිසිදු දේශපාලන අරමුණ හෝ කිසිවකු ප්‍රවර්ධනය කිරීමේ යටි අරමුණු හෝ ඇතිව මෙම රෝහලට උපකාර කළේ නැතැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවැසීය.

ගුණසේකර මහතා මෙසේ පැවැසුවේ 2024 රුහුණු මහා කතරගම දේවලයේ අය වැය වාර්තාව මාධ්‍යයට ලබා දීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේ දීය.

ඔහු මෙසේ ද කීය.

කතරගම දේවාලයෙන් කරන සෑම සමාජ සාත්කාරයක්ම නිසි විනිවාද භාවයකින් කරලා තියෙනවා. මහරගම ළමා වට්ටුවට කරපු සෑම ශතයක්ම කාටත් බලා ගන්න හැකි ලෙස ගීණුම්ගත කරලා තියෙනවා.

එක දරුවකුට වතුර උගුරක් නොදුන් අය මේ වැඩේට චෝදනා කරනවා. එන්න කතරගම දේවාලය මගින් කරපු හා ඉදිරියට කරන සංවර්ධන වැඩවලට ප්‍රමුඛත්වය ගන්න. දේවාලයෙන් වැටුපක් දෙන්නම්. විවිධ චෝදනා කිරිම අප්‍රසන්නයි.

මහරගම රෝහලේ දී සෞඛ්‍ය ඇමැතිතුමා කළ කතාවෙ වරදක් මම දකින්නේ නෑ. එතුමා කිව්වේ ඉදිරියට කරන සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධවයි. ඒවගේම මාත් දේශපාලනයට ගාවලා කතා කරනවා. එදා මම රෝහලට ගියේ මහින්ද්‍ර මාරසිංහ කියලා රෝහලට ආධාර කළ මහත්තයෙක් එක්ක. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ගැන කිව්වා කියලා සමාජ මාධ්‍ය වල කතා හදලා.

මම කතරගම දේවාලයේ බස්නායක නිලමේ හැටියට රටේ සිටින සෑම මහජන නියෝජිතයකුට රජයකට ගරු කරනවා. දේවාලයේ සංවර්ධනවලට දේශපාලනය ගාවා ගෙන නැහැ. බුද්ධගම බේරාගත්ත අනගාරික ධර්මපාලතුමා මහමෙරක් සේවය කරලා දැඩි කලකිරීමෙන් රටින් ගියා. මම එසේ කරන්නේ නෑ. රජයේ උපදෙස් මත තව ගොඩනැගිල්ලක් මහරගම පිළිකා රෝහලට හදලා දෙනවා.

මටත් දරුවන් ඉන්නවා. සමාජයට සේවයක් කළාම එයට හොරා කියනවා මේවා හෙළා දැකිය යුතුයි.

මේවායින් උපකාර කරන අය කලකිරිමට පත් වෙනවා. පොදු වැඩ නතර කරනවා.

කතරගම දේවාලයේ ඇයවැය කාටත් බලන්න පුළුවන්. අද කතරගම තරුණ තරුණියන් හෝටල්වල රුකියා කරන්න නොමිලේ පුහුණුවීම් කළා.

රට රැකියාවලට යන්න පුහුණුවීම් කළා. දරුවන්ට අමතරව පන්ති කළා. මම හැමදාම බස්නායක නිලමේ විදිහට ඉන්න ආවේ නෑ. කතරගම කළ සංවර්ධනය මම ගෙදර ගෙනියන්නේ නෑ. මම සොරකු ලෙස මාධ්‍යවලට කිව්ව මහත්තයා ගැන අනුකම්පා කරනවා. ජීවත් වෙන්න කරන රැකියා තමයි ඔහු කාටහරි අපහාස කරන එක යැයිද කීය.

 



අදහස් (17)

සමාජ සේවය කළාම හොරා කියන තැනට රට වැටිලා

Perera Sunday, 05 January 2025 10:01 PM

අපොයි ඔව් පින් පාට මූණෙන් ගලනවා...!

:       75       7

පොඩිඑකා Sunday, 05 January 2025 10:21 PM

අනේ අපි නොදන්නවයෑ…, අර මහ කපුවා රන් තැටියට කෙලිනකොට ඔය බබා කොහේද හිටියේ...?

:       58       6

ලක්විදු Sunday, 05 January 2025 10:24 PM

බිල්ඩිං ගගහා ඉන්නේ නැතුව ඔය කියන දෙයියාට කියලා ලෙඩ්ඩු ටික ඔක්කෝම හොඳකරලා දෙන්නකෝ. එතකොට වැඩේ ඉවරයිනේ...!

:       54       9

karolisMonday, 06 January 2025 02:44 PM

ඩිස්ලයික් දාන කට්ටිය මේ වගේ ඉස්පිරිතාලවලට කැමැති නැත්තන් ලෙඩ වුණාම ඔය ඉස්පිරිතාලෙට තමන්වත් තමන්ගේ දරුවෙක්වත් නොයවා ඉන්න නිකන් මාලිමාවේ වැසිකිළි හෝදන්නේ නැතුව...

:       6       55

Nalinda Sunday, 05 January 2025 10:44 PM

ඔබේ ගුණවත් සේවය කවුරුත් අගය කරමි. ඒ සඳහා දෙවි රැකවරණය ලැබේවා..!

:       4       50

වීරමුණි Monday, 06 January 2025 03:49 AM

මෙයාට නේද ඩි එස් ගුණසේකර බස් කර්මාන්තය අයිති. මෙයාලා රාජපක්ෂගේ දකුණු අත්වල්

:       31       7

FreemanHAT Monday, 06 January 2025 05:33 AM

මගේ පුතා පිළිකා රෝගයකින් පෙලෙනවා අවුරුදු 5ක ඉඳලා. කවුරු මොනවා කිව්වත් අපේක්ෂා රෝහලේ තියන අඩුපාඩු කියලා වැඩක් නෑ... ඇත්තටම ඒ ආයතනය දුවන්නේ මිනිස්සුන්ගේ ආධාර වලින්. සමහර අම්මලා තාත්තලා ඈත පළාත්වලින් ඇවිල්ලා දරුවෝ තියාගෙන ඉඳලා ඒ ගොල්ලන්ගේ රස්සාවල් නැතිවෙලා හොඳින් ඉන්න දරුවන්වත් ජීවත් කරන්න බැරුව දුක් විඳිනවා. ආධාර කරන කිසිම කෙනෙකුටවත්, ආයතනයකටවත් නින්දා කරන්න එපා. ලැඛෙන මුදල නියාමනය කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තා කීරීම අවශ්‍ය නම් කරන්න පුළුවන්...

:       2       71

Buddika Monday, 06 January 2025 05:35 AM

මෙතැන ඔබගේ වරදක් නෑ. කතරගම ලස්සන පූජා භූමියක්. පිරිසිදුයි. ගස් හිටුවල‍ා, හැමතැතම තිබ්බ කුණු බක්කි අද නෑ. කපුවෝ හොරු බව රටම දන්නවා. එය හෙලිකරලා ආදායම මනාව කලමනාකරණය කළ නිසයි මේ උතුම් සේවය ඔබට කළ හැකි වුනේ. ඔබ වරද්දා ගත්තේ මොලේ නැති දේශපාලකයෙක් විවෘත කරන්නට ගෙන්වීම. ආගමක් කියන්නේ ඉතාම සංවේදී දෙයක්. මිනිසුන්ගේ විශ්වාස හා බැඳුනු තැනක්. රජයකුත් නොකළ වැඩක්... ඔබ කළා නම් එය අගය කිරීම් වෙනුවට තප්පුලෑම මෙයට හේතුව. නලින්ද ජයතිස්සට මොලේ නෑ කියලා, පලපුරුද්දක් නෑ කියලා, කටට බ්‍රේක් නෑ කියලා රටම දන්නවා දැන්. කෙනෙක් හොඳ වැඩක් කළාම ඒක අගය කරනවා වෙනුවට ගොන් කතා කියන්නේ මොලේ නැති මිනිස්සු..

:       4       70

වික්‍රම විදුර Monday, 06 January 2025 08:08 AM

නරපු එකට සැලියුට්... ඒත් ඒ අවුරුදු 2ක ඉඳන් කියනවනේ කරන්නේ.. ඉතුරු අවුරුදු 98ක් විතර කරපුවා නම් අපි අහලා නෑ.

:       28       2

sam Monday, 06 January 2025 08:36 AM

ඔබ නිවැරදි නම් ඔබ ඔබගේ හදවතට අවංකව සහ එකඟව විශේෂයෙන් යුතුව මනුෂත්වය වෙනුවෙන් කටයුතු කරන්නේ නම් සොබාදහම විසින් ඔබව ආරක්ෂා කරනු ඇත. වරදක් කර ඇතිනම් දඬුවම් ලබාදෙනු ලැබෙන්නේ නීතිය මගිනි. සමාජ මාධ්‍ය හෝ විවිධ පුද්ගලයින් විවිධ අර්ථකතන ලබාදුන්නද ඔබ ඔබට අවංකව ඔබගේ සමාජ මෙහෙවර මිනිසුන් වෙනුවෙන් කරන්න.

:       3       43

රටවැසියා Monday, 06 January 2025 08:55 AM

හැබැයි දෙවුන්දර දේවාලෙ බස්නායක කාලේ රාජපක්ෂලාත් එක්ක එකට හිටියා, ඊට පෙරත් එහෙමයි. මිනිස්සු මැරිලා උපන්නේ නැහැ. සාගල සහ පූජිත අතර දුරකථන සංවාදය ලවුඩ්ස්පීකරයෙන් ඇහුණා අමතකද නිලමේ තුමා ගණින්න එපා කියලා...!

:       38       6

මංගල රණසිංහ Monday, 06 January 2025 09:08 AM

බස්නායක නිලමේතුමා, ඔබතුමාට අපහාස කරමින් කතා කළ අයට අනුකම්පා කරලා හරියන්නේ නෑ. රටක නීතියක් තියෙනවා. ඔය අනුකම්පාවෙන් සිද්ධ වෙන්නේ නීතිය වල් වැදීම. ඔය මිනිහා තව හොඳ වැඩ කරන පිරිසකට දිගින් දිගටම පහර දේවි. ඔබතුමාට අපහාස කිරීමට විරුද්ධව එකී යූටියුබ් චැනලයට (මාධ්‍යයට) විරුද්ධව කටයුතු කරන්න. රුපියල් බිලියනයක පමණ වන්දි මුදලක් ඉල්ලන්න. එම වන්දි මුදලත් රෝහලට පරිත්‍යාග කරන්න කියලා කියන්න.

:       3       46

බකල ජයා Monday, 06 January 2025 10:27 AM

සමාජ සේවය කරන්න තමන්ගේ මුදල්වලින්. අනුන්ගේ මුදල්වලින් කරලා ගෞරවය බලාපොරොත්තු වෙන්නේ ඇයි..?

:       68       31

dileepa1986Monday, 06 January 2025 10:53 AM

හොර කපුවන්ට මාටියා ගහන්න දෙන්නේ නැතුව ඒ වගේ වැඩක් කරාම නරකද?

:       38       11

අරවින්ද මොනරවිල Monday, 06 January 2025 11:02 AM

අපේ රටේ සමහරු පුරුදු වෙලා තියෙන්නේ අවංකව හා සාධාරණව වැඩකරන අයට අවලාද නගන්නයි, බොරු චෝදනා එල්ල කරන්නයි විතරයි. මෙතුමා හොර පාරෙන් ගිය මුදල් එකතු කරලා ඉතාම වැදගත් මෙන්ම මානුෂීය වටිනාකමින් යුත් කාර්යක් ඉටු කෙරුවා. ඒකට විරුද්ධව අද එතුමාට චෝදනා කරන්නේ දූෂිතයන් හා ඔවුන්ගේ අනුගාමිකයින් පමණයි.

:       6       23

Lalla Monday, 06 January 2025 12:08 PM

නිලමේකම අත ලොවන්න නොවේ නේද ගත්තේ...? මතකනේ කක්කා පෝර නැව් ගෙනාපු හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර උත්තමයා.

:       29       5

[email protected] Tuesday, 07 January 2025 10:02 AM

ඕවා ජෙප්පොන්ගේ ප්‍රමිති

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 697 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 515 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 285 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 322 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 781 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 382 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 252 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1101 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site