
(යොහාන් භාසුර)
සමාජ මාධ්‍ය ජාලා අක්‍රීය කිරීමෙන් ඉදිරි විදුලි කප්පාදුව පිළිබඳව විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට නොහැකි බැවින් සියලුම සමාජ මාධ්‍ය ජාලා වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් සහ සියලු දුරකථන සේවා සමාගම්වලින් ඉල්ලා තිබේ.
එසේ නොවුණ හොත් විදුලි පාරිභෝගකියන් දැඩි අපහසුතාවට පත්වන බව ද ඒ මහතා එම ඉල්ලීම කරමින් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd