සාමකාමීව කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සන්සුන්ව කටයුතු කරන්නැයි නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් දීර්ඝකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙනෙන විසඳුම් සඳහා කඩිනමින් පියවර ගන්නැයි ද රටේ යහපත උදෙසා කටයුතු කරන්නැයි ද සියලු පාර්ශවවලට අවධාරණය කරන බව ඇය කියයි.
සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිවරියා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා යුතු යැයි ද පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවට අනුව සාමකාමීව බලය හුවමාරු විය යුතු යැයි ද වගවීම, විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් උදෙසා ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා සාමකාමී බලහුවමාරුව අත්‍යවශ්‍ය යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගෙ ප්ලෑන්ස් නේ.. බැරිද ඊළඟ ජනාධිපති වෙන්න..?
කාටද මේ කියන්නේ...? රටේ ත්‍රස්තවාදී පක්ෂයකට නේද? මොවුන් 1989 කාලේ හැඳින්වූයේ ත්‍රස්තයින් කියලා.