(අංජුල මහික වීරරත්න)

සාමකාමී විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තු පිවිසුම අසල  පැවැති සාමකාමී විරෝධතාවයේදී එහි සිටි පිරිස් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකින්නෙමු.

සාමකාමීව පැවැති උද්ඝෝෂණය මර්දනය කිරීමට පොලිසිය කටයුතු කිරීම තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙනී යයි. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහස තහවුරු කර ඇති බැවිනි.

ආණ්ඩුව සුපුරුදු පරිදි ජනතා නැගිටීම් මර්ධනයෙන් මැඩ පැවැත්වීමට උත්සාහ කරන්නේ නම් එය ආණ්ඩුවේ පරිහානියට හේතුවන් මිස දියුණුවට හේතුවක් නොවේ,යනුවෙන් ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.