IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෝභිත හිමියෝ ජනපති මවට ආශිර්වාද කරන්න යති

(අංජුල මහික වීරරත්න)

රටේ ජනපතිගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත  ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ජනාධිපති අනුර දිසානායක  මහතාගේ මෑණියන්ට ආශිර්වාද කිරීම සඳහා රෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය අද (23) එහි වැඩම කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෝභිත  හිමියෝ මෙසේද කීහ.

"අද අප මෙහි ආවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වන වාට්ටුවේ සිටින ලෙඩෙක්ට ආශිර්වාද කරන්නයි.ඒ ලෙඩා වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්.අත්තංගනේ රතනපාල නාහිමියන් ඇතුළු අප ගොස් එතුමියට සෙත් ප්‍රාර්ථනා කළා.

රටේ ජනාධිපතිවරයාගේ මෑණියන්  සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි.අප බලාපොරොත්තු වන "සිස්ටම් චේන්ජ්" එක මෙයයි.

තම මෑණියන් තම ගමේ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ජනාධිපති තුමාගේ ආදර්ශවත් ක්‍රියාවක් බව කිව යුතුයි.

මීට පෙර ප්‍රධාන දේශපාලනඥයන්ගේ ඥාතීන් ප්‍රතිකාර ගත්තේ කොළඹ ප්‍රධාන රෝහලක හෝ පිටරටයි.මෙය අප රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය ඇති කිරීමක් ලෙසද සැලකිය හැකියි.පසුගිය රජයන් වල අය කටයුතු කළේ සෞඛ්‍ය සේවයේ විශ්වාසය බිඳ වැටෙන අයුරින්. ජනපති දෙන මේ ආදර්ශය මැති ඇමතිවරුන් මෙන්ම ඇති හැකි සියලු දෙනා විසින් ලබාගත යුතුයි.



අදහස් (2)

සෝභිත හිමියෝ ජනපති මවට ආශිර්වාද කරන්න යති

Manura srimanna Monday, 23 December 2024 10:34 PM

අන්න එහෙම තමයි රටේ නායකයා ආදර්ශය දෙන්න ඕනේ..

:       0       0

Toni Wednesday, 25 December 2024 02:16 PM

සංදර්ශන නේද අපේ හාමුදුරුවනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site