
(අංජුල මහික වීරරත්න)
සෞභාග්‍ය දැක්ම යටතේ නිර්මාණය වූ පෝලිම් සංස්කෘතියට එක්වූ අලුත්ම පෝලිම බවට ඉන්ධන පෝලිම පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් නිර්මාණය කළ ආණ්ඩුව මේ වන විට ඉන්ධන පෝලිමක් ද නිර්මාණය කර ඇතැයි කී නියෝජ්‍ය නායකවරයා වැස්ස නැතිනම් විදුලිය දෙන්න බැහැ කියන ආණ්ඩුවක් ලෙස මෙම ආණ්ඩුව ඉතිහාසගතවනු ඇතැයිද කීවේය.
කොළඹදී අද (22) පෙරවරුවේ පැවැති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය නායකවරයා කීවෙි ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කරගන්න බැරුවා වගේම ජනතාවටත් අද එදා වේල කා ජීවත් වෙන්න බැරි තැනට පත් වී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා කිසිම දවසක රටට හොඳක් කරපු කෙනෙක්වත්, රටේ ප්‍රශ්න නිවැරදිව දැක්ක කෙනෙක්වත් නොවෙයිනේ. සෘණ ආකල්පම දක්ව දක්වා ඉන්න එක තමයි මෙයාලගේ දේශපාලනය...
මෙයාලා මේව ඉතා සරලව කරන්න පුළුවන් දේවල් ලෙස කියන්නේ ආසනයක්වත් නැතුව විපක්ෂයේ ඉන්න නිසයි. බලය ලබාගත් සැණින් මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් එය විසඳාගත හැක්කේ නායකත්වයේ හැකියාවන් හා දක්ෂතාවන් මත පමණි. පසුගිය බලයේ සිටි කාලයේ කරන කියන දේ වලින් නම් එවැනි හැකියාවන් තිබුණේද යන්න සැක සහිතයි... වර්තමාන ආණ්ඩුවට බලය තිබුණාට හැකියාවන් ගිලිහී ගොස් ඇත. ඒකයි හැම අත්‍යාවශ්‍ය විදේශවලින් ගෙන්වන තෙල්, ගෑස්, කිරිපිටි, සිමෙන්ති පෝලිම් ඇතිවී තිබෙන්නේ...!
හරිම සතුටු ඇති නේද? තමන් ඉපදුණු මව්බිමට කෙළවෙන හැටි බලා සතුටුවන අමන මිනිස්සු...!
ඈ ලොක්කෝ පෝලිම් දැක්කේ දැන්ද? ඔහෙලගේ මහප්පලා, බාප්පලගේ කාලේ ඉඳලා පෝලිම් තිබ්බා. පෝලිම් පුරුදු කලේ සුද්දා... නැතිනම් අපි පොරකෑවා...!
තමුන්ලා බලයේ හිටියා නම් මේ වෙනකොට මිනිස්සු කී දාහක් කොරෝනාවෙන් මැරිලද? 300 ක් විතර බෝම්බ පුපුරවලා මැරුණාම දාපු නක්කල් හිනාව අපි දැක්කනේ... ඔයාගේ ලොක්කා කියාවි ‘‘ කොරෝනාව කියන්නේ ලෝක වසංගතයක්... ඇමෙරිකාවේ ලක්ෂ 5ක් විතර මැරුණා...‘‘ එහෙනම් ඔය බූස්ටර් එක ගහනවා තියා, තවම පළමු මාත්‍රාවවත් දෙන්නත් බැහැ..