IMG-LOGO

සභා 149ක බලය අල්ලන්න විපක්ෂයෙන් ගේමක්

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගය (මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ  පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට  දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන්  දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

ජාතික ජන බලවේගය දිනූ සභා එකසිය විස්සක එම බලවේගය දිනූ සභික  ධූර සංඛ්‍යාවට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් විපක්ෂය හිමිකරගෙන සිටීම සහ  සභා විසි නමයක සභිකධූර සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ සභික ධූර සංඛ්‍යාවට   සමාන වීම  මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම සභාවලින්  බොහොමයකට ආණ්ඩුව මෙන්ම විපක්ෂයද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින  බව  දැනගන්නට ඇත.
මේ සඳහා  පක්ෂ බොහොමයක් නීති උපදෙස්ද ගනිමින් සිටී.

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගය සභික ධූර 48ක් හිමිව තිබියදී විපක්ෂයට සභිකධූර 69ක් හිමිව ඇති හෙයින් ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත්  එහි පාලන බලය පිහිටුවීමට කටයුතු කරන  බව දැනටමත් ප්‍රකාශ කර ඇත. මේ තත්වය හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

මේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ  ඇතුළු  සෘජු තනි බලයක් නොමැති  සභාවන්හි පාලන බලය පිහිටුවීමට ලොකු කාලයක් ගත විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහ නගර සභාවට සමග ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත් කරගන්නා බව එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සඳහා ප්‍රධානීන් සහ සභිකයන් ඉතාම කෙටි කලකදී නම් කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය.

ඔහු එසේ පවසද්දී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කොළඹ මහ නගර  සභාවේ බලය පිහිටුවීමට ආණ්ඩුවද කටයුතු කරන බවයි.

පළාත් පාලන මැතිවරණයේදී  ජාතික ජන බලවේගයට සභා 265ක බලය හිමි වූ අතර සමග ජන බලවේගයට හිමි වූයේ සබා 14ක බලයයි.

තමිල් අරුසුකච්චි පක්ෂයට ආයතන 37ක බලයද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආයතන පහක බලයද සෙසු පක්ෂ හා ස්වාධීන  කණ්ඩායම්වලට සභා දහඅටක බලයද  හිමිව ඇත.

පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ස්ථාවර පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසන්නේ  ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා සමගි ජන බලවේගය සහ ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරන්නේ අර්බුදයකින් තොරව පළාත් පාලන ආයතනවල සභිකයන් සහ ප්‍රධානීන් පත් කර ගැනීම දේශපාලන පක්ෂවල වගකීමක් බවයි.

මැතිවරණය බොහොම සාමකාමීව පැවැත්වුණ හෙයින් එම පත් කර ගැනීමේ කටයුතුද සාමකාමීව සිදුවනු ඇතැයි  එම සංවිධාන  අපේක්ෂා කරයි.



අදහස් (2)

සභා 149ක බලය අල්ලන්න විපක්ෂයෙන් ගේමක්

ගමේ එකාලා Friday, 09 May 2025 07:31 PM

විපක්ෂයේ ඉන්න බලලෝබීයෝ, රට බන්කොලොත් කරන්න දායක වෙච්චි දූෂිත දේශපාලුවෝ මොන ගේම ගැහුවත් අපි ඉන්නේ ජනතාවාදී, අදූෂිත ආණ්ඩුවත් එක්ක. විපක්ෂයේ අයට තියෙන්නේ බලතණ්හාව හොරකම්, වන්චා, දූෂණ, කරලා පුරුදු වෙච්චි අයට ඉන්න හරි අමාරු ඇති...

:       0       0

Bunny Preena Saturday, 10 May 2025 10:26 AM

කුලල් කාගන්නේ නැතිව ගමට/ ජනතාවට සේවය කරන්න බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 103 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site