
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඌරන් ඝාතනය කිරීම සඳහා කුට්ටිගල යුද හමුදා කඳවුර තුළ ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී සෙබළකු මිය යාමෙන් අනතුරුව ඔහුගේ සිරුර කැලෑ කොටසකට ඇද දමා ඝාතනයක් වසන් කිරීමට උත්සාහ දැරූ එම කඳවුරේ යුද හමුදා සැරයන් වරයෙකු ඇතුළු සිව්දෙනකු වසරකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු එම කඳවුරේ හමුදා ගත නිලධාරියෙක් ( සිවිල් සේවා) පෑස්සුම් ශිල්පියකු සහ යුද හමුදා කඳවුරේ කරනවෑමියා ද වන බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් තිබුණේ මාතලේ මාගම්මන පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ චාලක මදුශාන් ජයසිංහ නැමැති 31 හැවිරිදි දෙදරු පියෙකි.
2025 ජනවාරි මස 26 වැනිදා කුට්ටිගල යුද හමුදා සෙබළෙකුගේ සිරුරක් දින හතකට පසු කඳවුර භූමියේ කැලෑ ප්‍රදේශයේ තිබී හමුවී තිබීම සම්බන්ධයෙන් එම වසරේ අප්‍රේල් මස 28 වෙනිදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට ලද පැමිණිල්ලක් අනුව මනුෂ්‍ය ඝාතනා හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට යොමු කිරීමෙන් අනතුරුව එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති කේ පි එස් කුමාරසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක පියල් මහතා ඇතුළු කණ්ඩායමක් ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
ඒ අනුව එම කඳවුර භූමියේ දීර්ඝ කාලයක සිට ගවයින් බෙදීමේ නිරත එම ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා අධ්‍යනය කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඉකුත් වසරේ ජනවාරි මස 26 වෙනි දින කඳුරේ රාජකාරී භාරව සිටි සැකකාර සැරය වරයා කඳවුරේ සිවිල් සේවකයෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනකු එක්වී කඳවුරු තුළ ඇති විදුලි රෑහැන් පද්ධතියකින් ඌරන් ඝාතනය කිරීම සඳහා විදුලිකම්බියක් ඇද තිබී ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණයවී ඇත
එම කම්බියේ පය පැටලී සෙබලා ගොස් ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි. අනතුරුව එම පුද්ගලයන් විසින් එය වසන් කිරීම සඳහා සෙබලාගේ සිරුර කැලෑ පෙදෙසට ඇද දමා සෙබලා සතුව තිබූ ජංගම දුරකථනය සහ විදුලි සැර වැදුණු කම්බි රෝල අසල වතුර වලකට විසිකර දමා තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd