
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විශ්‍රාමික යුද හමුදා සෙබළකු බව කියන බෑනාගේ ප්‍රහාරයකට ලක් වූ නැන්දම්මා මියගොස් මාමා බරපතළ තුවා ලබා ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළ බෑනා තියුණු ආයුධය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ සුදුවා දේවගේ වසන්තා රම්‍යලතා (58) දෙදරු මවකි.
තම දියණියට බෑනා හිරිහැර කරන බව දන්වමින් තෙබුවන පොලිසියට මෙන්න කළුතර කාන්තා කාර්යාංශයට පැමිණිලි රැසක් ඝාතනයට ලක්වූ කාන්තාව සිදු කර ඇතැයි පොලිසිය කියයි.
එලෙස කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කැඳවා විභාග කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එදිනම රාත්‍රී 9 ට පමණ යතුරුපැදියකින් පැමිණි තිබූ සැකකාර සෙබළා නැන්දම්මා සහ මාමණ්ඩි නිදාසිටි නිවසට ඇතුළු වී මෙම අපරාධය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතරම් පැමිණිලිිකර තිබියදිත් පොලීසිය නීතිමය ක්‍රියාහමාර්ගයකින් මේ අහිංසකයින් ආරක්ෂාකර නෑ නේද ?
හමුදා විනය කෝ ?
දැන් නම් විනය හොඳටම පිරිහිලා .රටේ නීතියක් නැතිකම තමා