IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘සැබෑ රණවිරු සැමරුව ඔවුන් වෙනුවෙන් කැපවීමයි‘‘

(නිමල කොඩිතුවක්කු)

සැබෑ රණවිරු සැමරුමක් යනු රට දැය වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

30 වසරක කුරිරු කොටි ත්‍රස්තවාදී යුද්ධය පරාජය කරමින් රටට අතිශය වැදගත් ජයග්‍රහණයක් අත්පත් කර දුන් වීරෝධාර රණවිරුවන්ට නැවත වරක් උත්තමාචාරය පුද කරන බවත් රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් සුරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රණවිරු දිනය නිමිත්තෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

රටේ සවෛරීත්වය භෞමික අඛණ්ඩතාව, ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට 28000කට වැඩි ජීවිත පරිත්‍යාගයෙන් සහ 60000කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇස් හිස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කළ බවත් විපක්ෂනායකවරයා පැවසීය.

සොච්චම් විශ්‍රාම වැටුපට සීමා වී අධික ජීවන බර තුළ අසරණ වී ඇති ඔවුන් වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් මෙන්ම ව්‍යවසායකයන් බවට පත් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ජීවිත පරිත්‍යාග කළ රණවිරු පවුල් මෙන්ම ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයන් රැක ගැනීමට කැපකරු මාපිය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණවිරු උපහාර දේශපාලන පක්ෂවලට ලකුණු ලබා ගැනීම සදහා භාවිත නොකළ යුතු බවත් සැබවින්ම අවංකවම හදවතට එකගව රණවිරුවන් සැමරිය යුත්තේ ඒ අයගේ ජන ජීවිත ආරක්ෂා කර පවුල් සුරක්ෂිත කර දරුවන්ගේ අනාගතයත් වර්තමානයත් සුරක්ෂිත කිරීමෙන් බවත් ඔහු සඟන් කළේය.

 



අදහස් (1)

‘‘සැබෑ රණවිරු සැමරුව ඔවුන් වෙනුවෙන් කැපවීමයි‘‘

චතුරි Tuesday, 20 May 2025 07:02 AM

ඔය කියනදේවල් සුලුවෙන් හරි කරන්න තිබුනා ගොබ්බ පැටියට. අනිත් ගොබ්බයොත්. එක්ක. මේ වගේදිනයක් එන්න ඕන ඒ ගැන කතා කරන්න අදින් පස්සෙ ඉවරයි ආපහු ලබ අවෘද්දෙ. කාන්තා දිනය ලමා දිනය. එදාට බයිලා කියලා කියනවා. එතනින් ඉවරයි ඒකතමයි ජනතාව නැවත නොඑන්නම. එලෙව්වෙ. බේබී මයිනා ඔය පැත්තේ යන්න ඕන කියලා තිබුනා ආවාද. එයා කියපු දේවල්. අපිටත් කියන්න. ආසයි අහන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site