දළදා වහන්සේට අගෞවරයක් වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යූ ටියුබ්කරු සේපාල් අමරසිංහ මෙම  21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.

සකලවාසී බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සූදානම් බව සැකකරු වෙනුවෙන් පෙනී සිටින  නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.