
( ටී.කේ.ජී.කපිල )
සුපිරි ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි ( George Clooney ) මහතා ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කරමින් සිටින අතරතුර , කටුනායක ගුවන් තොටුපළ වෙත ඉකුත් 19 දා විනාඩි 45 ක කාලයක් සදහා පැමිණ තිබේ .
ඔහු සිය පෞද්ගලික ගුවන් යානය වන බොම්බැඩියර් එක්ස්ප්‍රස් ග්ලෝබල් (Bombardier Express Global ) වර්ගයේ ගුවන් යානයෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ , ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සහ එහි කාර්යය මණ්ඩලය මාරු කර ගැනීමටය .
මෙම ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ අවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් සැපයීම කෙයා ඒවියේෂන් පෞද්ගලික සමාගම ( Care Aviation Private Limited ) විසින් සිදු කර තිබේ .
මෙම ගුවන් යානයට ඉන්ධන ලීටර් 7,000 ක් පමණ ලබා දීමෙන් අනතුරුව ගුවන් යානා නව කාර්යය මණ්ඩලය සමග එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට ඉන්ධන ගන්න කොතෙක් වෙලා පෝලිමේ ඉන්න සිදුවෙනවද?
ප්ලේන් එකට ඔෆර් එකක් ගන්න බෑවද දන්නේ නෑ. අනික තියෙන්නේ අප්‍රිකාවේ නේද?
ඉන්ධන? අපිත් කාර්, බස්, ත්‍රිරෝදරථ, බයික් ගුවන් යානා ඉන්ධන වලින් දුවමුද?
අපේ රටේ නළුවන් ගැන බැලුවාම හරියට දුකක් නැද්ද?