(යොහාන් භාසුර)
පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමි ඇසුරුමේ යොදා සුපිරි වෙළෙඳසල්වල අළෙවි කරන බිත්තර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අළෙවි කළ ද වැටලීම් නොකරන බවත් එම බිත්තරයක් ද රුපියල් 65 කට උපරිම මිලට පමණක් අළෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම බිත්තරය පිරිසිඳු කර අනුමැතියකට යටත්ව අළෙවි කරන බව ද එම නිලධාරියා කීය.
පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තර සඳහා පසුගිය අගෝස්තු මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් වුවද වර්තමාන වැටලීම්වලදී බිත්තරයක් රුපියල් 50 කට වැඩි මුදලකට අළෙවි කරන වෙළෙදුන් පමණක් වැටලීම්වලට ලක්වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි වෙළදසැල් වලට සුපිරි මිලක් දෙන්න ඕන ඇයි?
එහෙනම් සුපිරිවෙළෙඳසැල් වල පිටත් අනුමත ඇසුරුම්වල දාලා බිත්තර 65ට විකුනන්න.
අපි කන්නේ ඇසුරුම නොව බිත්තරයි.
ලොක්කෝ ලොකු ජරාවක් සුපර් මාර්කට් කාරයන්ගෙන් කාලා. නොදෝමකින් විතරක්.
බිත්තර 10 ක ඇසුරුමකට වැඩිපුර රු 150 ට වැඩිමුදලක් ගෙවීමේ සාධාරනය කුමක්ද?