(ඉන්දිකා රාමනායක)

විරෝධී ක්‍රම මගින් අයථා ලෙස මුදල් රැස්කර රුපියල් ලක්ෂ 250 ක් වටිනා ජිප්රථයක් සහ ලක්ෂ 65ක් වටිනා මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තරුණයකු ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි තරුණයකු බවත්, ඔහුගේ පියා විසින් විසින් නීති විරෝධීව උපයා ගන්නා මුදලින් මෙන්ම වාහන මිලදී ගෙන ඇති බවද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

සැකකරුගේ පියා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම වාහන සමග ඔහුගේ ඔහුගෙ පුතා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.