
(යොහාන් භාසුර)
ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.
ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට ළගාවූ මෙම නෞකාව හෙට (19) ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කිරීමට නියමිත අතර අමෙරිකානු ධජය සහිත මෙම නෞකාව දිගින් මීටර් 105 හා පළලින් මීටර් 18.5 ක් වේ.
මෙම නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ වරායේ බැස දින දෙකහමාරක් පමණ කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කර ත්‍රිකුණාමලය වරායෙන් මේ මස 21 වැනිදා පිටත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනවත් අය දැඩි ලෙස වෙහෙස මහන්සි වී දින 3 ක් ගත කළ යුතුය, ඔවුන් සති 3 ක් තබා ගැනීමට උත්සාහ කළ යුතුය