(සුජිත් හේවාජුලිගේ )
ස්පුට්නික් එන්නත පළමු මාත්රාව ලෙස ගත් මහනුවර දිස්ත්රික්කයේ එක් ලක්ෂ විසි දාහකට දෙවෙනි මාත්රාව සඳහා එම එන්නත නොලැබීම නිසා ඒ අය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව විපක්ෂයේ ප්රධාන සංවිධායක, මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එම පිරිසට මාස තුනක පමණ කාලයක් තිස්සේ දෙවැනි මාත්රාව ලැබී නැතැයිද මන්ත්රීවරයා චෝදනා කළේය.
අදාල සමාගම විසින් ස්පුට්නික් එන්නත නිපදවනු නොලබන්නේ යැයි දැනගන්නට ඇති බවත් රජය වහා මැදිහත් මේ පිරිසට ස්පුට්නික් දෙවැනි මාත්රාව ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල සමාගම ස්පුට්නික් එන්නත නිපදවීම නතරකර ඇති බව කියන මෙම මන්ත්රීතුමා රජය මැදිහත් වී එන්නත දෙන්න කියයි. සමාගම එන්නත හැදීම නතරකර ඇති නම් එම ජනතාවට සේලයින් ගැසීම මගින් ප්රතිශක්තිය ලැබෙන්නනේ නැහැනේ. ඒ අයත් කොවිශීල්ඩ් එන්නත ගත්ත අය සිටිය ආකාරයට ප්රවේශමෙන් සිටිය යුතු අතර විශේෂඥයන් විසින් මේ අයට ලබාදිය යුතු දෙවැනි එන්නත් මාත්රාව තීරණය කළ යුතුයි. හැබැයි කට ඇරියොත් බොරුවක් කියන කිරිඇල්ල මන්ත්රීතුමා කියන විදිහට රුසියාවේ ස්පුට්නික් වී නිපදවීම නතර කළා කියන කථාව පිළිබඳව සොයා නොබලා මිස ජනතාව මේ සඳහා කලබල නොවිය යුතුයි. මොකද කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා ලංකාවේ අතීතයේ ඉඳන් එන කියමනක් තියෙන්නේ මේ වගේ අය ඒ කාලෙත් වැඩවසලා තියන නිසා කියලයි මට හිතෙන්නේ...
ඇයි විපස්සෙට උස්මක් සල්ලි තියෙන්නේ . ඒකෙන් ඔය ටික කොහෙන් හරි ගෙන්වා ගන්නකො. වත්මන් ආණ්ඩුව ට වඩා ඔයාලට ලෝකෙම සම්බන්ධතා තියෙනවා කියනවනේ.
ස්පුට්නික් නිෂ්පාදනය කිසිසේත්ම නවතා නැත. නමුත් ලොව පුරා මෙම එන්නතට ලැබුණු ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනය ඉතා අඩුයි. අපේ රට පමණක් නොව මෙම එන්නතට සල්ලි ගෙවූ අනෙක් රටවලටද ඉල්ලුම් කළ ප්රමාණයෙන් ලැබී ඇත්තේ ඉතා සුලු කොටසකි. මෙය හදන්නේ රුසියාවේ විතරක් නිසා කොවිෂීල්ඩ් වගේ වෙන රටකින් ගෙන්වන්නත් බැහැ. දෙනකන් ඉන්න වෙනවා...
නුඹලා හිටියා නම් මුළු රටම අනතුරේ තමයි.