ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චිස් මහතාගේ බිරිඳ වන බෙගෝනා ගෝමස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අග්‍රාමාත්‍යවරයාට සමීපව කටයුතු කළ බොහෝදෙනෙකු සම්බන්ධව පරීක්ෂණය කරමින් තිබියදී අග්‍රාමාත්‍ය මන්දිරයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කර ඇත.
මේ වනවිට ඔවුන් දෙදෙනා ම එහි රැඳී සිටින අතර, සෞඛ්‍ය නිලධාරීහු සෑම විටම පරීක්ෂණ සහ උෂ්ණත්ව නිරීක්ෂණය කරමින් සිටිති.
එම මහත්මියගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතී.
මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් 191 දෙනෙකු මියගොස් ඇති අතර රෝගීන් 6,046ක් සිටින බවද වාර්තා වේ.
(සීඑන්එන්)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ස්පාඤ්ඤයේ අගමැති බිරිඳට කොරෝනා
kamal Sunday, 15 March 2020 02:53 AM
අපේ අාර්යාවන්ට...?
චින්තා Sunday, 15 March 2020 03:45 AM
ලක්දිවේ අහිංසක සිංහල වැසියන්ගේ කදුලුවල සාපයට වන්දි ගෙවීමට ලන්දේසින්ට වසර 400 ගතවූ නමුදු ඔබේ ජාතිය පිළිබඳ අපට කදුලක් නොනැගෙන්නේ අප රටින් කොල්ලකන ලද වස්තු සම්බාරයෙන් මෙතුවක් සුරපුර ගොඩනගා සිටිබැවිනි. ගැලවීමක් කිකලෙකවත් නොමැත.
Walter WhiteSunday, 15 March 2020 08:18 AM
පුදුම පව් පින් නේ ඒවා. එතකොට අපෙත් සුනාමියක් ඇවිත් 50000ක් මනුස්සයෝ මැරිලා ගියේ මොන රට ආක්‍රමණය කරපු පවද?
Galakumbura Sunday, 15 March 2020 04:51 AM
කොවිඩ් 19 කාටත් එකයි මහත්තයෝ.