ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චිස් මහතාගේ බිරිඳ වන බෙගෝනා ගෝමස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අග්‍රාමාත්‍යවරයාට සමීපව කටයුතු කළ බොහෝදෙනෙකු සම්බන්ධව පරීක්ෂණය කරමින් තිබියදී අග්‍රාමාත්‍ය මන්දිරයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කර ඇත.
මේ වනවිට ඔවුන් දෙදෙනා ම එහි රැඳී සිටින අතර, සෞඛ්‍ය නිලධාරීහු සෑම විටම පරීක්ෂණ සහ උෂ්ණත්ව නිරීක්ෂණය කරමින් සිටිති.
එම මහත්මියගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතී.
මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් 191 දෙනෙකු මියගොස් ඇති අතර රෝගීන් 6,046ක් සිටින බවද වාර්තා වේ.
(සීඑන්එන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අාර්යාවන්ට...?
ලක්දිවේ අහිංසක සිංහල වැසියන්ගේ කදුලුවල සාපයට වන්දි ගෙවීමට ලන්දේසින්ට වසර 400 ගතවූ නමුදු ඔබේ ජාතිය පිළිබඳ අපට කදුලක් නොනැගෙන්නේ අප රටින් කොල්ලකන ලද වස්තු සම්බාරයෙන් මෙතුවක් සුරපුර ගොඩනගා සිටිබැවිනි. ගැලවීමක් කිකලෙකවත් නොමැත.
කොවිඩ් 19 කාටත් එකයි මහත්තයෝ.