
(විමුක්ති එස් රුද්‍රිගු)
ගංවතුර පීඩාවට පත් වැලන්සියා ප්‍රදේශයේ පයිපෝර්ටා නගරයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් වැසියන් මඩ ප්‍රහාරයක් එල්ල කර නගරයෙන් පන්නා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මඩ පමණක් නොව හිස් වතුර බෝතල් වැනි දේවල්ද වැලන්සියා වැසියන් ස්පාඤ්ඤ රජු දෙසට කෝපයෙන් එල්ල කර ඇති බව පැවැසෙයි.
එසේම වැලන්සියා ප්‍රදේශයට පැමිණි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස්ගේ වාහන පෙළටද එහි වැසියන් පහරදී පන්නා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සය වැනි ෆෙලිපේ රජු සහ ලෙටීෂියා රැජින ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ඇතුළු නායකයන් සමග ගංවතුරෙන් දැඩිව බලපෑම් එල්ල වූ පයිපෝර්ටා නගරයේ සංචාරය කරමින් සිටින අතරතුරේදී විරෝධතාකරුවන් "මිනීමරුවෝ ලැජ්ජා විය යුතුයි" කෑගසමින් ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට මඩ ගසා ඇති බවත් ඔවුන්ගේ මුහුණුවල සහ ඇඳුම් පැළඳුම්වල එම මඩ වැදී ඇති බවත් වාර්තා වූවේය.
ඉන් ස්පාඤ්ඤ රජු කෝපයට පත්වී නොමැති අතර මඩ පහරකමින් පීඩාවට පත් ජනතාව සැනසීමට ඔහු උත්සාහ දරා ඇත. එසේම ස්පාඤ්ඤ රැජින ඇතුළු රාජකීය පිරිවරටද විරෝධතාකරුවන්ගෙන් තර්ජනයක් එල්ල වූ බවද ප්‍රකාශ විය.
"ගංවතුර අවසන්වී දවස් හතරක් මෙච්චර කල් ඔබ කොහෙද හිටියේ. ඔබ ඇවිල්ලේ ඉන්නේ ජනතාවගේ ප්‍රසාදය ලබාගන්න ඔබට කිසිම ලැජ්ජාවක් නැහැ" මඩ ප්‍රහාරය එල්ලවූ ස්පාඤ්ඤයේ රජුට වැලෙන්සියා වැසියන් කෝපයෙන් පවසා ඇත. එසේම " මිනිස්සු මෙතැන මැරෙනවා අපිට බොන්න වතුර නැහැ ඔබට සියලු දේ තිබෙනවා" යැයි පවසමින් කෝපවූ වැලන්සියා වැසියන් ස්පාඤ්ඤ රැජිනට බැන වැදී ඇති බවද පැවැසෙයි.
මඩ පහරකමින් පීඩාවට පත් ජනතාව සැනසීමට ස්පාඤ්ඤ රාජකීයයන් උත්සාහ දැරුවත් එම උත්සාහයන් අසාර්ථක වී ඇති අතර අවසානයේ වැලෙන්සියා වැසියන්ගේ දැඩි විරෝධය මත රාජකීයයන් පිටත්ව ගොස් ඇත.
ස්පාඤ්ඤයට බලපෑ දරුණු ගංවතුර 211 කට මරු කැඳවූ අතර ඉන් තවමත් 1900 ක පිරිසක් අතුරුදන්ව සිටී. ගංවතුර අවදානම පිළිබඳව අනතුරු ඇඟවීමට ප්‍රමාද වීම සහ මුදා ගැනීමේ කණ්ඩායම් කාර්යක්ෂමව යෙදවීමට අපොහොසත් වීම පිළිබඳව වැලෙන්සියා වැසියන් ස්පාඤ්ඤ බලධාරීන්ට චෝදනා එල්ල කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සු මෝඩ නෑ. අපේ ජරා දේශපාලුවන්ටත් කරන්න ඕනේ ඔය වගේ දේවල්.. ඔවුන් හැදෙනවා..
කණගාටුයි මිනිස්සුන්ට වෙලා තියෙන දේ ගැන. ඔහොම තමා "ඩාම්" වෙනවා "ඩූම්" වෙනවා. මෙහෙ අපි නම් හිතාගෙන හිටියේ ඔයවගේ ප්‍රශ්න ඔහේ නෑ කියලා! සැපම තමයි කියලා හිතුවේ!
ලංකාවේ රජානෝව අහු උනෝතින් මිනිස්සු ගහන්නේ මඩ නෙමෙයි අසූචි
බලන්න මේ මිනිස්සු මේ තරම් කෝපවෙලා තියෙන්නේ එකම එක අවස්ථාවක තමන්ව නොසලකා හැරියා කියලා. එහෙම බැලුවොත් අපේ මින්ස්සු මොනතරම් නම් හොඳයිද? හැමදේම, හැමදාම ඉවසගෙන තමන්ගේ ඉරණම කියලා හිතලා ඉවසගෙන දුක්විඳිනවා.
මේ සියවසෙත් රජපවුල් තියාගෙන ඉන්නේ පසුගාමී මිනිස්සු කියලා මම හිතන්නේ. උපයාගත් නැති, උපතින් හිමිවුණු ගෞරවයක්, අභිමානයක් කිසිවෙකුටත් දිය යුතු නැහැ. ප්‍රංශය 1848 දී කළ දේ ලෝකෙටම ආදර්ශයක්...!
ලංකාවෙත් ඉන්නවා ඔය වගේ අම්බරු සෙට් එකක්. අරගලයක් කරලා 160ක් තෙල් වලින් අඩු කරනකන් බලාගෙන හිටපු එකා එලවලා දැන් හාලුත් නෑ, පොලුත් නෑ, බදු අඩු කරෙත් නෑ. උන් හිතාගෙන හිටියේ මාස 8ක් රට වැහුවත් උන්ට සල්ලි නිකන් උනනවය, පාලනේ හිටපු උන් හොරකන් කරලා උගන්ඩාවේ සල්ලි හැංගුවය කියලා.