
(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (28) නැවත විවෘත කරන බවත් විවෘත කර දින හයක් තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා බොරතෙල් නොමැති වීම නිසා පසුගිය මාර්තු මස 21 වැනිදා වසා දැමූ අතර එම කාලය තුළ බොරතෙල් නොලැබීමෙන් අඛණ්ඩව මාස දෙකක් වසා තිබුණි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීම නිසා පසුගිය වසරේ අග භාගයේ සිට මේ දක්වා තුන් වරක් වසා දැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එකාට වැද වැද ගිහින් ඉන්ධන නැවු ගන්න වෙලේ බොර තෙල් ගෙන්වල වැඩ පටන් ගන්න තිබුන. බොරු නාස්ති නිසා අපිටම පුළුවන් තරම් කරදර දුන්න. දැන්වත් හරියට මොළේ පාවිච්චිකල යුතුයි. දැක්කනෙ තමිල්නාඩුවෙ ස්ටාලින් කච්චතිවු දූපත ගන්න ඔනෙ කියල , බළලව මල්ලෙන් එළියට දැම්ම හැටි. ඔය කවුරුවත් මී කඩ්න්නෙ අත ලෙව කන්න නෙමෙයි කියල රටේ ජනතාව දන්නව. හැබැයි පාලකයො දන්නෙ නැහැ. උන් බබාලන්තෙ බබාල..
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දිනකට මෙට්‍රික් ටොන් 5200ක ධාරිතාවයකින් ක්‍රියාත්මක වූයේ නම් දිනකට පාරිභෝගිකයාට; (1) කිලෝ 12.5 L.P.G සිලින්ඩර - 7600ක් (2) 92 ඔක්ටේන් පෙට්‍රල්- 550MT ක් (ලීටර 714,000 / ලීටර 6600 බව්සර් 108) (3) කැළණි තිස්ස බලාගාරයට නැප්තා - ලීටර 567,000 (4) භූමිතෙල් - ලීටර 1,300,000ක් (ලීටර 6600 බව්සර් 196) (5) ඩීසල් - ලීටර 1,860,000ක් (ලීටර 6600 බව්සර් 281) (6) විදුලි බලාගාර සඳහා දැවිතෙල් - ලීටර 1,678,000 (ලීටර 6600 බව්සර් 254) නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතියි. මෙලෙස එක බොරතෙල් නැවකින් එකදිගට දින 15ක් පමණ දිනපතා ඉහත ඵල ලැබෙනු ඇත. නමුත් අද පවතින ගැටලු රැසකට 1969 සිට නිහඬව පිළිතුරු සැපයූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද නිවී ගොසිනි. එබැවින් ආනයන අනුපිළිවෙලෙහි ඉහළින්ම බොරතෙල් පැවතිය යුතුයි. මක්නිසාද යත්, තෙල් පිරිපහදුව නොමැති රටක ඉන්ධන සුරක්ශිතතාවය පිළිබඳ අත්දැකීම් අපි අත්විඳිමින් සිටිමු. මේ සියල්ලෙන් ඔප්පු වන්නේ ඉන්ධන නොමැති බවයි..