IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි

(විනීතා එම් ගමගේ)
බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට  දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උයය ගම්මන්පිල මහතා පවසයි.
ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් අමාත්‍යවරයා කිවේය. 

බොර තෙල්වලින් ඉන්ධන නිෂ්පාදනය කළ හැක්කේ බොර තෙල් ප‍්‍රමාණයෙන් සියයට 43 ක් පමණක් බවත් ඩොලර් හිඟයක් පවතින මේ අවස්ථාවේ බොරතෙල් වෙනුවට ඉන්ධන ගෙන්වීමට තීරණය කළේ විනිමය කළමණාකරණය කළ යුතු බැවින් යැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් පිරිපහදුව වසා දමන බව රටට නොකිව්වේ එය රටේ තෙල් සැපයුමට බල නොපාන අභ්‍යන්තර කාරණයක් වන නිසා යැයි ද අමාත්‍යවරයා කීය.
උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ බලශක්ති අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවිය හැකි යැයි තමන් සැප්තැම්බර් 29 වැනිදා මාධ්‍ය හමුවක දී පැවැසී යැයි ද කීය. 
රටේ ඇති සීමිත විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් යොදා ගැනීමට අවශ්‍ය බවත්, වසර 51 ක් පැරණි තෙල් පිරිපහදුවෙන් බොර තෙල්වලින් සියයට 37 ක් නිපදවන්නේ දැවිතෙල් හා නැප්තා බවත් සියයට 19 ක් ගුවන් යානා තෙල් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ දිනවල වැස්ස ඇති බැවින් විදුලිය නිපදවීම ජලවිදුලියෙන් සිදුවන නිසා දැවිතෙල් අවශ්‍ය නොවන බව විදුලි බල මණ්ඩලය පවසා ඇතැයි ද, ගුවන් යානා තෙල් ගුවන් ගමන අරඹන රටෙන් ලබා ගත හැකි බැවින් දිගු ගමන් සඳහා පමණක් ගුවන් යානා තෙල් ලබා ගන්නා බැවින් ද බොරතෙල් අවශ්‍ය නොවන බවට තීරණය කළ බව ද ඔහු කියා සිටියේය. 
ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකම් ලබා ගැනීමට මේ වනවිට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, දිගින් දිගටම පාඩු ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට ණය ගැනීම දුෂ්කර බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතා පහල මට්ටමක ඇති බැවින් ණය ලබා ගැනීම වඩාත් දුෂ්කර වී ඇතැයි ද පැවැසීය.
බොරතෙල් ගෙන්වීම නැවැත්වීමෙන් පැට‍්‍රල් හෝ ඞීසල් හිඟයක් ඇති නොවන බවත් වෘත්තිය සමිති නායකයකු මාධ්‍යයට කී කතාවක් හේතුවෙන් මෙසේ ඉන්ධන සඳහා පෝලිම් ඇති බවත් පැවැසූ ගම්මන්පිල මහතා දින හතලිහකට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ රටේ ඇතැයි ද කිීය. 

 

 



අදහස් (17)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි

madu Monday, 15 November 2021 03:48 PM

කණගාටු වෙන්න එපා... විශාලම ඉන්ධන ආයෝජන බලාගාරය තවම මග එමින් පවතිනවා. එතකම් අපි ඒක වහන්නම්...

:       1       36

Viki Monday, 15 November 2021 04:11 PM

ගම්මන්පිල දේශපාලුවෝ, කරන්න බැරිනම් දීලා යන්න.

:       0       1

Nuwan Monday, 15 November 2021 04:35 PM

මුළු රටම, අපි ඔක්කොම එක්ක එංගලන්තයේ රැජිනට ආපහු දෙන්න බැරිද? 

:       3       47

බද්රානිTuesday, 16 November 2021 02:48 PM

නුවන් මහත්තයෝ, ගවපට්ටි පාලනය කරන්න එංගලන්ත රැජිනගේ කිසිම කැමැත්තක් නැහැ. ඊට සුදුසු ගොපල්ලන් අපේ රටේ ඕනා තරම් සිටිනවා. ගවයින්ට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලබා දෙන්න රැජිනට අවබෝධයක් නැති උනාට අපේ ගොපල්ලන්ට ඒ ගැන හොඳ අවබෝධයක් තියනවා. තණකොළ, පුන්නක්කු, නම් මේගවයන්ට කිසි දවසක හිග නැහැ. ආරක්ෂාවත් තියනවා සුපිරියටම. සමහර ගවයින්ට ලාඩම් ගහලාත් තියනවා නියමෙටම. මෙහෙම සැපක් ගවයින්ට දීලා තියෙද්දිත් ආයේ කොහෙවත් ඉන්න රැජිනක් ගැන මොනවා කතා කරනවද?

:       1       7

ගොන්මංපිල Monday, 15 November 2021 04:39 PM

මෙයා කියන විදිහට පිරිපහදුව මේ රටට ඕනෑම නෑ.. ඕක වහලා යකඩ වලට විකුණන්න.. වාචාල අපතයින් රට කනවා මදිවට බොරු කියනවා. මේවා පිළිගන්න බත් කන බූරුවන් ඉන්නවානේ ...

:       2       62

සිල්වා Monday, 15 November 2021 05:26 PM

ඇමතිතුමාගේ කතාවේ හැටියට නම් තෙල් පිරිපහදුව ඒතරම් වැදගත් නෑ වගේ. එහෙම නම් විකුණලා හොඳ ගානක් හොයාගන්න පුළුවන්...

:       1       24

Kota gune Monday, 15 November 2021 05:30 PM

උදයගේ මොලේ තමයි මොලේ... රටේ නායකයා වුණත් බාරදෙන්න පුළුවන් සුපිරි මොලයක් හා වාචාල කටක් තියෙන නායකයෙක්...

:       0       19

sam Monday, 15 November 2021 06:31 PM

පෙට්‍රල්, ඩීසල් ගේන එක නොපැසුණු තෙල් ගෙනාවට සෑහෙන්න පාඩුයි.. මේ වැඩෙන් වෙන්නේ පාඩුව දෙගුණ වෙන එක...

:       1       29

Hafeel Monday, 15 November 2021 07:18 PM

එතකොට මුළු රටම ඇඳිරිනීති දැම්මා වගේ තමයි. කොහොම හරි සෙට් එකම ඇමෙරිකාවට යන්න එක ගුවන් යානාවට හරි ඉන්ධන ටික ඉතුරු කරගන්න.

:       2       33

sampath Tuesday, 16 November 2021 12:25 AM

මේ කියන විදියට මේක තවදුරටත් ක්‍රියාත්මක කිරීම මහා අපරාධයක්.

:       0       0

Shan Tuesday, 16 November 2021 02:14 AM

මම හිතන්නේ මේක හොඳ තීරණයක්.

:       0       1

කුසුම් සිරි කබ්රාල් Tuesday, 16 November 2021 05:13 AM

ෂා හොදට පද ගලපලා කථාව ලස්සනට කියනවා ඕකත් කොහෙට හරි විකුණගෙන කන්න.

:       0       2

Jay Tuesday, 16 November 2021 07:29 AM

මහතීර් මොහොමඩුයි, ලී ක්වාන් යු එකතු උනාම හදන්න බැරි රට මොකක්ද.?

:       0       4

චන්දන Tuesday, 16 November 2021 07:42 AM

වහන එකම වෙනම දෙයක්. නමුත් අපේ රටේ ඉන්න මෝඩ පිරිස ගැන කණගාටුයි. ෂෙඩ්වල තියෙන තෙල් ටික ඉවර කරනවා. මීට කලිනුත් මෙහෙම වුනා. තෙල් හිගයක් එන්නේ නැති බව විශ්වාසයි. තෙල් ගහගෙන වාහන ගෙදර තියන් ඉන්නවා. දිනපතා අවශ්‍ය අයට ගහගන්න තෙල් නැහැ. සතියක් විතර දුක් විඳින්න වෙනවා. නමුත් බොර තෙල් ගන්නවාට වඩා පිරිපහදු තෙල් ආනයනය පාඩුයි.

:       0       2

sharm warn Tuesday, 16 November 2021 09:59 AM

කට්ටිය සෞභාග්‍යයේ ඉටිපන්දම් පැකට් දෙක බැගින් අරන් තියාගන්න. පුලුවන්නම් හැම ගෙදරටම එක බයිසිකලයක් වත් අරන් තියාගන්න.

:       0       4

ganegoda Tuesday, 16 November 2021 01:33 PM

අර ගම්මන්පිලගේ තෙල් උල්පත මේ තරම් ඉක්මනට හිඳුනද ?

:       0       5

chandima Wednesday, 17 November 2021 01:54 AM

එතකොට වැඩකරපු සේවයන්ට පඩිය.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1872 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1723 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 644 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1280 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3235 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10990 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site