(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 1 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත.
රේගු ආඥා පනතේ (අ) උපලේඛනය මගින් ප්‍රකාශිත සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ ( HS)87.03 යටතේ වර්ගීකරණය කර ඇති එන්ජින් ධාරිතාවය 1800CC ට වැඩි පැට්‍රල් වාහන සහ එන්ජින් ධාරිතාවය 2300CC ට වැඩි ඩීසල් වාහන ( ඩබල් කැබ්, සින්ගල් කැබ්, වෑන් බස් ලොරි ට්‍රක් යනාදිය ඇතුළත් නොවේ) මෙසේ
වෙන්දේසි කෙරේ.
මෙසේ වෙන්දේසි කෙරෙන වාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම නොකළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙයි.
පොදු දේපළ අස්ථානගතවීම සහ අවභාවිතය වැළැක්වීමට මෙන්ම රජයේ මුදල් ඵලදායී ලෙස යොදා ගැනීම තහවුරු කිරීම සඳහා රජයේ සියලුම වාහන නිසි පරිදි උපයෝජනය කිරීම ලේඛන ලේඛනගත කර පවත්වාගෙන යෑම සහ වාර්තා කිරීම සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අනිවාර්ය වගකීමක් බවද එම චක්‍රලේඛයේ දැක්වේ.
ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වාහන වල අවශ්‍යතාව ඇගයීමෙන් පසුව ආර්ථිකමය වශයෙන් ඵලදායි නොවන සහ ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය නොවන මෝටර් වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා අපහරණය කළ යුතු බවත් ඉහත දැක්වෙන මෝටර් වාහන ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය වන්නේ නම් එම අවශ්‍යතාව සාධාරණීකරණය කරමින් භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා කොම්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැප වාහන වෙන්දේසියට නියෝග
pj Tuesday, 07 January 2025 05:43 AM
ඒක හොදයි.... දැන් ඒ වෙනුවට විදුලියෙන් දුවන අළුත් වාහණ ගන්න පුළුවන්. මිල තමයි වැඩී......
pushpa Tuesday, 07 January 2025 09:35 AM
මෙලෙසම පර්මිට් වලට ගත් වාහනත් අඳුනා ගත හැකි ක්‍රමයක් සැදිය යුතුය. රතු නම්බර් ප්ලේට් වැනි ක්‍රමයක් මගින් එය කල හැකියි. එම වාහන අත යට විකිණීම වැනි දේවල් වැළක්විය යුතුය. අදාල පුද්ගලයාට පමණක් පර්මිට් එක පාවිච්චියට අවස්ථාව සැලසිය යුතුය. අනික රටට නියමිත බදු ගෙවා, සාධාරණ ලෙස වාහන ගත් පුද්ගලයන්ට ආඩම්බරයෙන් තමන්ගේ වහනයෙන් යන පරිසරයක් නිර්මාණය කල යුතුයි. පර්මිට් කාරයොත් හරියට තමන් සල්ලි දීල ගත්ත වාහන වල යනවා වගේ ගෙම්බර් දානවා මහන්සියෙන් කැපවීමෙන් මුළු මුදල ගෙවල අරන් පාරේ යන පොඩි වාහන වලට.
Indhika Tuesday, 07 January 2025 09:53 AM
Pushpa ගෙ අදහස ඉතාම හොදයි. අගය කරමි.
Perera Tuesday, 07 January 2025 11:34 AM
ඔය වාහන වල විස්තර තියන ලැයිස්තුවක් වෙන්දේසි ස්ථානය දිනය විස්තර කොහෙන්ද හොයාගන්න පුළුවන්
Kamal koyrala Tuesday, 07 January 2025 11:54 AM
මෙකී වාහන අයථා මගින් නොව එකතැනකට එකතු කරලා ප්‍රසිද්ධ වෙන්දේසියක් පැවැත්විය යුතුයි ... පාතාලයෙන් තැරැව්කරුවන්ගෙන් තොරව සාධාරණ ලෙස අවශ්‍ය අයට ලබාගැනීමට සැලැස්විය යුතුයි