
(අංජුල මහික වීරරත්න)
පසුගිය රජයයන් විසින් භාවිත කළ අතිසුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවා වලට පමණක් යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසීය.
අදාල වාහන සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවද ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ජනතාවගේ බදු මුදල් මෙලෙස නාස්ති කිරීම කණගාටුවට කරුණක් බැවින් මේ සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් කර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා මේ බව කීවෙි ගාලුමුවදොර භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලැබූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (26) එම පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
ගාලුමුවදොර පරිශ්‍රය ඇතුළු තවත් ස්ථාන කිහිපයකම වාහන 107 ක් ගාල් කර ඇති අතර ඒවා විවිධ අවස්ථාවලදී පසුගිය ආණ්ඩු විසින් විවිධ තනතුරු ඇති කරමින් තම හිතවතුන්ට ලබාදී තිබූ ඒවා බව ද විජේපාල අවධාරණය කළේය.
විවිධ ආයතනවලින් ලබාගත් වාහන 59ක් ජනාධිපති කාර්යාලය හරහා තම හිතවතුන්ට ලබාදී ඇති බවත්, වාහන ආනයනය කිරීම තහනම් කළ කාලසීමාව තුළ පමණක් ජනාධිපති කාර්යාලයට වාහන 16ක් ගෙන්වා ඇති බව අනාවරණය වී ඇති බවත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සඳහන් කළේය.
තවද ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833ක් අතරින් වාහන 29ක් අතුරුදන්ව ඇති බවද විජේපාල මහතා සඳහන් කළේය.
COMMENTS
රනිල්,චන්ද්‍රිකා,සජියා එකතු වෙලා එන්න හදන්නේ ආයෙක් මුන්ට ඕනැ රට හදන්න නෙමෙයි .. බලයට ඇවිත් රට කන්න
වාහන එහෙම හංගන්නේ නැතිව ප්‍රසිද්ධියෙන්ම මෙහෙම තැනක ගල් කිරීම ගැන ඔවුන්ට ස්තූති කළ යුතුයි....
මේ වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණලා අඩු ඉන්ධන භාවිතාවක් ඇති මිල අඩු කර මිලදී ගෙන රාජ්‍ය නිලධාරීන්ට ලබාදිය යුතුයි
සමහරු වැරදි වැටහීමක ඉන්නව මේ ලේකම්ල ගනිපු වාහන ගෙනත් දෑව කියල, ඒක නෙවෙයි මේ,හිටපු ජනාධිපතිල සේරම තම විධායක බලය යොදවා හිතවතුන්ට ඕන දෙයක් කරගැනීමට පූජා කල වාහන මේ, සේරටම වැටහෙනව ඇති හරි විදියට ගනිපු කිසිවෙකු මෙහෙම වාහන බාර දීමට කලබල නොවිය යුතු බව, වෙන රජයන් මාරු වෙනකොට මෙහෙම දෙයක් නූනෙ ගනිපු අය දන්නව වෙනසක් නොවන බව. මේවට තෙල් නඩත්තු රජයෙ ජනාධිපති අරමුදලින්, වැය ශීර්ෂ දමා වරින් වර මේ අරමුදලට මුදල් ගන්නෙ මේවට, ඉඳහිට වකුගඩුවකට හදවතට ගානක් දීල ෂේප් එකේ මේ අය තම පන්තිය රැක ගත්ත , ඒකයි උනේ, පොදු ජනතාවට බලය ලද වහාම මේ කල්ලිය සලිතවී ඇත. උතුරත් දකුනත් මේ සත්‍ය තේරුම් ගනිමින් පවතී,
මම දුටුවා අර සජිත්ගේ වේදිකාවේ අනුරලාට අවලාද නැගූ නලීන් බණ්ඩාර කියනවා එන් පී පියට කුරුණෑගල අපේක්ෂකයන් දහ අටක් හොයාගන්න බැරි කතාවක්, මෙන්න මේ අයගේ බුද්ධිය ,තමන්ගේ ආසන කුජීත වෙලා දිස්ත්‍රික්කයම පරාද වෙලා තවමත් හිතන්නේ එහෙමයි. සජිත් ලඟ ඉන්නේ මොළේ නොවැඩුණු අය නායකයා වගේමයි.
කළ යුතුම ක්‍රියාවන්.