
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
තියුණු ආයුධ රැගෙන.සොරා ගත් යතුරුපැදි වලින් ගොස් සම්බාහන ආයතන වලට කඩා වැදී එහි රැඳී සිටින තරුණියන් ගේ දේපළ කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි .
ඒ අතර යතුරුපැදී සොරාගෙන ඒ සඳහා ලබා දුන් සේදවත්තේ පුද්ගලයකු සිටින බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සේදවත්තේ කසුන් නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.
සැකකරුවන් එලෙස කොල්ලකෑමට යොදාගෙන තිබූ ඉකුත් සැප්තැම්බර් මාසයේදී කොස්ගම හා වාද්දුව පොලිස් වසම් වලින් සොරා ගත් යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd