
(දසුන් රාජපක්ෂ)
අනුරාධපුරය සඳහිරු සෑයේ තැන්පත් කිරීමට බුද්ධ ප්‍රතිමා සෑදීම සඳහා එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රේගුවෙන් රත්‍රං ඉල්ලුවේ නැති බව එවකට හිටපු රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර මහතා දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (23) සඳහන් කළේය.රත්‍රං ලබා දෙන ලෙස ඉල්ලීම කළේ නාවික හමුදාවෙන් බව ජගත් විජේවීර මහතා කියා සිටියේය.
නාවික හමුදාව විසින් එම ඉල්ලීම කරන ලද්දේ, නීත්‍යානුකූලව බව ද ඒ මහතා පැවැසීය.
සඳහිරු සෑය සෑදීමට නීතිවිරෝධීව රත්‍රං නාවික හමුදාව වෙත ලබා දී ඇති බව පවසා නඩු පවරා රිමාන්ඩ් භාරයට පත්කිරීම මගින් තමාගෙන් දේශපාලනිකව පළිගෙන ඇති බව සඳහන්කළ ජගත් විජේවීර මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේ ඒ මහතා එලෙස සඳහන් කළේය.
මෙම පැමිණිල්ල මගින් යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම පැමිණිල්ල විභාගයට ගැනීම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ වැරැද්ද අනුරාධපුරයේදී මෙවැනි සෑයක් තනන්න තීරණය කළ දේශපාලකයාගේ.. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ආගම යොදාගන්න නිහීනයෝ... අටමස්ථානය ඇතුළු උතුම් පූජනීය ස්ථාන පිරුණු අනුරාධපුරේ අලුතින් මොනවා ඉදිකළත් ඒ තැන්වලට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව යොදවාගන්නේ නැහැ.
කාටවත් ඕනෑවට වඩා දඟලන්න දෙන්න හොඳ නැහැ. රටේ සම්පත් කොන්ක්‍රීට් ගොඩවල් වලට යටකරනවා. කොච්චර අපරාධයක්ද?
කාට කොහොම වුණත් මල් පිපේවා සැමදා.
මටනම් මෙය සද්ගුණවත් ක්‍රියාවක්. මෙවැනි දෙයකට රත්තරන් කොහෙන් දුන්නත් මොකද වෙන්නේ.
ඔයගොල්ලෝ සමහරවිට අහලා නැති එ්ත් ඇත්ත කතන්දර ගොඩක් මේ සඳහිරු සෑය පිටුපස සැඟවිලා සද්ද නැතිව, දන්නේ නැතිව එහෙමත් නැතිනම් ලැජ්ජාවෙන් වගේ උඩ බලාගෙන ඉන්නවා. ඒ වුණාට ඒ කතන්දර සොබාදහමට සඟවන්නට බැහැ. කොටින් සමග කළ යුද්ධයෙන් පසුව අපේ මෝඩයින්ට ඕනෑ වුණා ලංකාවේ ලොකුම ස්තූපය හදන්න. අපේ අය ලෝකයේ ලොකුම වැඩනේ කරන්න හදන්නේ. "රුවන්මැලි සෑය" ටත් වඩා විශාල ස්ථූපයක් හදන්න ගත්තා. අපි ඉහළින්ම හිස්මුදුනේ තබා පුදන විද්‍යාවට තවමත් හසුකරගත නොහැකිවූ අබිරහස් රැසක් අප වටා තිබෙන බව අකමැති වුණත් අපට පිළිගන්න වෙනවා. මම අහලා තියෙනවා රුවන්මැලි සෑයට වඩා විශාල ස්ථුපයක් අපේ රටේ සාදන්න බැරි " කතාවක්. හේතුව මම දන්නේ නැහැ. ඒ නිසාද දන්නේ නැහැ ... අන්තිමේදී ප්‍රශ්න ගොඩක් මතුවුණා. මහ රැයක මෙහි අත්තිවාරම කපන විටදී විශාල ඇතෙක් කැලයෙන් පැමිණ කළ කලබලය අවසන් වුනේ ඒ ඇතා හමුදාවෙන් වෙඩිකා මියයාමෙනුයි. එයින් පසු දිගටම ප්‍රශ්න පිට ප්‍රශ්න ආවා.
අටමස්ථාන එක රජෙක් එක කලෙක කල දේ නෙවෙයි. බුද්ධික මහත්තයා ;ඔබතුමා කියන විදිහට පස්සෙ ආ රජවරු මොකුත් නොකලා නම් අද අටමස්ථාන කියලා කියන්න වෙන්නෙ නෑ. හැමදාම පුරාවස්තු වලට සීමා වෙලා අලුත් නිර්මාන නොකර ඉඳීම හොඳ වෙන්නෙ කොහොමද ?
තුන්වේල කන්න නැතිව ඉන්න මිනිස්සු ඉන්න රටක රත්තරන් නිධන් කරන එක අනුමත කරන්න පුළුවන්ද?