
(ළහිරු හර්ෂණ)
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (18) දින වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කල අතර මෙම රථ පෙරහැර දේවාලේගම, රංවල, ගලිගමුව, කොටියාකුඹුර, රුවන්වැල්ල, මීවිටිගම්මන සහ ඌරාපොල හරහා ගමන් කර සවස අත්තනගල්ල රජමහා විහාරය වෙත වැඩමකෙරේ.
හෙට(19) දින උදෑසන අත්තනගල්ල රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම රථ පෙරහර ඌරාපොල, පූගොඩ, දොම්පේ, හංවැල්ල, පාදුක්ක සහ හොරණ යන ප්‍රදේශ හරහා කුරුඳුවත්ත මහා විහාරය දක්වා ගමන් කරනු ඇත.
රථ පෙරහර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට මොනතරම් අවදානම් තත්වයක පැවතුණත්, දුප්පත් මින්ස්සුන්ගේ අතේ තියෙන සල්ලි ටික කඩාගන්න නම් හරිම උපක්රමශීලීව කටයුතු සිද්ද වෙනවා.
මේ අයට පිස්සු... පවුලකින් කෙනෙකුට එළියට බහින්න කියන ගමන් මේ කරන වැඩ... මේ එක නීතිය... එක රටක්ද? රටවල් දෙකක්ද? කියලා මට නම් හිතාගන්න බැහැ.
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය කෙසේවෙතත් මේ වගේ දේවල් සංවිධානය කරන්නේ ඇයි?
ධර්මය විකුණාගෙන කෑම නොහොත් ව්‍යයසනයෙන් ජීවිතය බේරගන්න කෑමවේල හොයාගන්න වෙරදරන රට වැසියා තවත් මුලා කරනවා.
දකින කෙනෙකුට බුධ්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා.
කොරෝනත් ඔය සමගම ඇති...
මේ කුමක් ද? මෙම පෙරහැර අනුමත කළේ කවුද? නීතියක් නැති රටක්!
මෙච්චරයි අඩු.
යම් තරමකින් හෝ වසංගතය පාලනය වනතෙක් මෙම කටයුතු පමා කරන්න බැරිද ජීවිත ගැන අවධානම නොතකා මෙය කරන්න තියෙන හදිසිය කුමක්ද
බංගලාදෙශයෙනුත් ණය ගන්නවා , ඉන්දියාවෙනුත් ණය ගන්නවා . චීනෙනුත් ණය ගත්තා . මේ බොරු වැඩ කරන්න අරාබියෙන් ණය ගත යුතුය. මෙම විකාර ඇදහීම් බුදුන් වහන්සේ දේශනා කර තිබේ ද? ඇයි මේ පිස්සුව. මෙම මුදලින් දුප්පතෙකුට සැලකුවොත් පිං ඇති නොවේද? මේ මිථ්‍යාව එපා.