
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ.
දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් 37 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට ඉතාලියේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද වීරයෙක් වී ඇත.ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි. මටියා සිදුවීම විස්තර කරමින් පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ වෙළඳසැලට යමින් සිටියදී මහල් නිවාසය දෙසින් ඝෝෂාවක් ඇසුණු බවයි.ඒ හේතුවෙන් මහල් නිවාසය අසලට ගොස් බැලු විට කුඩා දැරියක් පස්වෙනි තට්ටුවේ සඳළු තලය අයිනට පැමිණෙනු දුටු බවත් තවත් පුද්ගලයකු කෑ ගසන අයුරු දුටු බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ආපහු යන ලෙස පහළ සිට තමන් කෑමොර දුන්නත් එය කුඩා දැරියට නොඇසුණ බවත් අවසානයේ ඇය සඳළු තලයෙන් පහළට වැටුණු බවත් මටියා අගුස්සි පවසා තිබේ.
දැරිය සඳළු තලයෙන් පහළට වැටෙන අයුරු දුටු විට සියලු දේ හොඳින් සිදු වේ යැයි බලාපොරොත්තුවෙන් ඇස් දෙක පියාගෙන දැරියව අල්ලා ගැනීමට තමන් ඉදිරියට පැන්න බවත් අනතුරව දැරිය තමන්ගේ ඇඟට වැටී දෙදෙනාම බිම වැටුණු බවත් මටියා අගුස්සි ප්‍රකාශ කර ඇත.බිම වැටුණු අවස්ථාවේ තමන්ට දැරිය ජීවත් වන බවට කිසිඳු ඉඟියක් නොලැබුනත් ටික වේලාවකින් දැරිය අඩන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඉන් සිතට සතුටක් දැනුනු බවත් ඔහු පවසා තිබේ.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර නිලධාරීන් දැරිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳ සියල්ලන්ම පුදුමයට පත්ව තිබේ.ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි ද මටියා අගුස්සිගේ මෙම වීර ක්‍රියාව පිළිබඳව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි දෙවියනි
මැටියා අගුස්සි මහතාණනි, මෙය මනුෂ්‍යයෙකුගේ නියත වීර ක්‍රියාවකි. එය විශිෂ්ටයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙම ක්‍රියාකාරකම ඔබ මුළු ලෝකයේම මනුෂ්‍යත්වයට කළ විශිෂ්ට සුවිශේෂී දායකත්වයකි. බුදු සරණයි.
මැටියා අගුස්සි මහතාණනි, මෙය මනුෂ්‍යයෙකුගේ නියත වීර ක්‍රියාවකි. එය විශිෂ්ටයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙම ක්‍රියාකාරකම ඔබ මුළු ලෝකයේම මනුෂ්‍යත්වයට කළ විශිෂ්ට සුවිශේෂී දායකත්වයකි. බුදු සරණයි.
ඔබට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ආශිර්වාද කරනවා හැර අපට කළ හැක්කක් නොමැත
එය ඇත්තෙන්ම ඇදහිය නොහැකි දෙයකි, දෙවියන්ගේ ආශිර්වාදය සැම දෙදෙනාටම.
ඒකට අපේ උන් එක්කෝ වලක දාලා යයි නැත්නම් ළමයි ඔක්කොම දාලා හොර මිනිස්සු එක්ක යයි වෙනස
ඔබතුමාට අපගේ ප්‍රණාමය .. !!!
උඩ පන්දුව රැක ගත්තා කිව්වට රැකගෙනම නැහැ.බිම වැටිලා.. තමන්ගැන නොසිතා එම දැරියව බේරාගැනීමට ඉදිරිපත්වීම කාගෙත් ප්‍රශංසාවට පාත්‍රවේවා.
ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්
ඔබ නියමයි සර් .ඔබ වීරයෙක් .ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබව මේ ලෝකෙට එව්වා. අවශ්‍ය විටදී ඔබට මිනිසා වෙනුවෙන් කළ හැකි දේ ඔහු දන්නවා .මේ දරුවා බේරා ගැනීමට ඔබට බොහෝම ස්තූතියි
ටියා අගුස්සි මහතාණනි, මෙය මනුෂ්‍යයෙකුගේ නියත වීර ක්‍රියාවකි. එය විශිෂ්ටයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙම ක්‍රියාකාරකම ඔබ මුළු ලෝකයේම මනුෂ්‍යත්වයට කළ විශිෂ්ට සුවිශේෂී දායකත්වයකි. බුදු සරණයි.
ඔබට සංසාරයේ කිසිම දිනක හදිසි අනතුරක් නොවීමට මේ පිනම ඇති
ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔහු ඇගේ ජීවිතය බේරා ගත්තේය. ඔබගේ ජීවිතයේ ඉතිරි කාලයට දෙවියන් වහන්සේ ආශීර්වාද කරයි.
ඔබ විශිෂ්ටයි
ඔහු විශිෂ්ට පුද්ගලයෙක්, ඔහුට මේ දරුවාගේ ජීවිතය බේරා ගත හැකිය.
පට්ට කොල්ලෙක් නේ
ඔබ දෙවියෙක් . දෙවිවරු කොහෙවත් නෙවෙයි අපිත් එක්කම තමයි ඉන්නෙ. හරියට ඔබ වගේ.
මුලින්ම සුනඛ රැල හඳ දෙසට හැරී, සද්දෙට බිරූහ...ඊට පසුව නැට්ට උස්සාගෙන අහස දෙස බලමින් උඩු බිරූහ.... හඳෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති කල, හොරිකඩ බලු රැල "හක්කේ දඩ මස් කෑල්ල සඟවා ගෙන බොක්කෙන් බුදුරැස් පිටකරන්නා.. සේ.." දත්මිටි කාගෙනම නැට්ට බඩ යට ගසා ගනිමින් "මටියා අගුස්සි" මහත්මයා ගේ දෙපතුල් ලෙව කමින් ආශිර්වාද කරමින් වර්ණනා කළහ....("සුනඛ ගති" පොතෙන් උපුටා ගන්නා ලද්දකි)
Mr agussi ඔබට දෙවි පිහිටයි
දෙවියෝ සුපර් මෑන් වගේ පිහිටට එන්නැහ කෙලින්ම, එන විදිය අපිට කියන්න බෑහැ. හරියට ඔය සමහරු බුදු සරන පතල තියනකොට එය ලැබෙන විදිය වගේ තමයි. ටියා ආගමනුකූලව, බෞද්දානුකූලව හරි ජීවත් වුනා නම් ඔහු තමා දේව වේශයෙන් පිහිට වන්නේ. සහ දෙවියො නියොජනය කරන්නේ.
කලින් සූදානමක් නොවී අවශ්‍ය තැනදී හා මොහොතේ දී බුද්ධිමත්ව හා නිර්භීත ව ක්‍රියාත්මක වී දැරිය බේරා ගැනීමට ක්‍රියාත්මක වීම පිළිබඳ ව මුළු මිනිස් සමාජයම ඔහු අගයනු පෙනේ.ඔහු සැබෑ මිනිසෙකි. වීර ඉතාලියානුවකු ලෙස අගය කරන ලෙස ඉතාලි රජයෙන් ඉල්ලා සිටිමි.
ඔබ සුපිරි වීරයන්ගෙන් කෙනෙකි. දෙවියන් වහන්සේ ඔබට සැමවිටම ආශීර්වාද කරයි
ඔබ කළ මේ ක්‍රියාවන් සලකා බලන විට ඔබව මෙලොවට බිහිකළ දෙමාපියන්ට බොහෝම ස්තුතියි. (ඔබ සැබෑ වීරයෙක්)
ඔබ කළ මේ ක්‍රියාවන් සලකා බලන විට ඔබව මෙලොවට බිහිකළ දෙමාපියන්ට බොහෝම ස්තුතියි. (ඔබ සැබෑ වීරයෙක්)
ඔබ සුපර් මෑන්
ඔබ සුපර් මෑන්
ඒක නම් නියමයි...........ඔහුට ප්‍රශංසනීය පදක්කමක් හිමිවිය යුතුයි.......එසේම දෙවියන් මිනිසුන්ට යහපත් ක්‍රියා කිරීමට අවස්ථාව ලබා දෙන අද්භූත මාර්ග මෙයයි.
විශිෂ්ඨයි සර්... බුදු සරණයි.
දෙවියන් වහන්සේ දරුවාව බේරාගන්න එවාපු අගුස්සි මහතාට තව තවත් දේවාශිර්වාදය ලැබේවා. එතුමත් දෙවියන්ට ස්තුති කරනවා. දෙවියන්ට අපහාස කරන අයට දෙවියනි කමා කළ මැනව...
නැණවත් අයෙකි අගුස්සි මැති බොහොම, බලවත් අනතුරක සිටි දරු දැක වහම, තම පන නොම තකා දරු බේරා ගැනුම, ඇගයිය යුතුය තුති පුද දී අප සැවොම,.