IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සඳට ගිය රොබෝ යානය අකරතැබ්බකින් බේරෙයි

(ලුසිත ජයමාන්න)

ඉන්දීය 'චන්ද්‍රයාන් 3' මෙහෙයුමට අයත් 'ප්‍රාග්යාන්' රොබෝ රෝවර් යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, සඳ මත ධාවනය කරමින් තිබියදී, ආවාටයකට වැටෙන්න ගොස් බේරුණු බව ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් 'ඉස්රෝ' හි විද්‍යාඥයෝ පවසති.

එම ආවාටය මීටර් 4 ක් පමණ පළල එකක් යැයි පැවැසෙයි. ආවාටය ඇති බව නොදැන රෝවර් යානය දිගටම ධාවනය කරමින් තිබියදී එය ආවාටයට වැටීමට ගියේය.

කෙසේ නමුත් වහා යානය නවත්වා, එහි ගමන් මඟ වෙනස් කිරීමට විද්‍යාඥයන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව පැවැසෙයි‍.

'ප්‍රාග්යාන්' රොබෝ රෝවර් යානය රෝද 6 කින් සමන්විතය. එය පණ ගැන්වෙන්නේ සූර්ය බලයෙනි. රෝවර් යානයේ ආයු කාලය සති දෙකකි.

'චන්ද්‍රයාන් 3' මෙහෙයුමට අයත්, 'වික්‍රම්' ලෑන්ඩර් යානය පමණක් නොව, 'ප්‍රාග්යාන්' රෝවර් යානය ලබා ගන්නා ඡායාරූප ද මේ වනවිට ඉන්දීය විද්‍යාඥයන් අතට ලැබෙමින් පවතී.



අදහස් (1)

සඳට ගිය රොබෝ යානය අකරතැබ්බකින් බේරෙයි

ruwan Monday, 28 August 2023 09:16 PM

ඉන්දීය චන්ද්‍ර යානයට බුදු බව පාර්ථනා කරමු.

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site