(ඩයනා උදයංගනී)
සිනමා අඹරේ රිදී සීනුව යන විරුදාවලිය ලද ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
මිය යන විට ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 79 කි.
හෙළ සංගීත කේෂ්ත්‍රයේ නොමැකෙන නාදයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන කේෂ්ත්‍රයේ අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමිනි.
'මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ', 'පාට පොදක් තිලක ලා නළල් තලාවේ', 'රෑ දවල් මල් හැඟුම් සිරි පානා', 'හද විමන් දොරින් එන පැතුම් පවන්' ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබුවාය.
හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව අත්වේවා!!!
නිවන් සුව...!
මේක පුරවන්න බැරි රික්තකයක්. දැන් ඉන්න එස්.එම්.එස් පරපුටු ගායිකාවෝ හුඟදෙනෙක් කිව්වේ මෙතුමියගේ ගී... මෙතුමියගේ අහලකින්වත් තියන්න පුළුවන් කෙනෙක් නැහැ එයාලා අතරේ... ඔයින් කී දෙනෙක් මල ගෙදරවත් යාවිද බලමු...!
ගී අහසෙන් නික්මගිය තාරකාවිය... ඔබට නිවන්සුව...!
අපගේ බලවත් කණගාටුව ..
මේ හිඩස කිසි කලක නොපියවේ. සුන්දර මිහිරි හඬක නිමාව. ඔබට ඔබ පැතූ දහම අනුව මොක් සුව ලැබේවා. සුබගමන්...
ඔබතුමියට නිවන් සුව ලැබේවා!!!!
ඔබට නිවන් සුව අත්වේවා
අහෝ දුකකි !!! හෙළ ගීත කලාවේ අති සොඳුරු හඬකින් යුතු ඒ මදුර මනෝහර හඬ අපගෙන් සමුගත්තේය.ඔබතුමිය සිරුරෙන් අප හැර ගියද ඒ මධුර මනෝහර හඬ අප හදවත් කිසිදා හැර නොයනු ඇත. නැවත අප අතරෙහිම උපදිනු මැන !!! ඔබතුමියගේ ආගම අනුව ඔබතුමිය සමාදානයේ සැතපේවා !!! අප දහමට අනුව ඔබතුමියට නිවන් සුව !!!
කණගාටුදායක අාරංච්චියක්... මම ගොඩාක් ආදරය කරපු ගායිකාවක්... අපි ට්‍රිප් යනකොට කියන්න මෙතුමියලගේ කාලේ ගීත... " සබ්බේ සංකාරා අනිච්චාති... යදා පන්යාය පස්සති... අත නිබ්බති දුක්ඛොසි.. එ්ස මග්ගෝ විසුද්ධියා.." ..සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වෙති.. එය ප්‍රඥාවෙන් අවබෝධ කරගත් කල්හි (දුක නැති කරගත් කල්හි ) එයම නිර්වාණයට හේතු වේ..."..... නිවන් සුවය.....!! ( එතුමිය පැතූ ලෙසම සමාදානයේ සැතපේවා...)
අනේ ඔබ හඬ අප කොතරම් සතුටු කළේද? නොයෙක්වර තුටු පුදමි.. කළ මහඟු සේවයට සඟවාගනිමි කදුළු.... පතමින් ඔබට නිවන් සුව..!!!
රටේ වැඩිමනක් ජනතාව අහන්න ආස සින්දු ගයන අලුත් ගායකයෝ බිහිවේවා රචකයෝ බිහිවේවා...!!! ඔබතුමියට නිවන් සුව..!
ඔබතුමියට නිවන් සුව අත්වේවා !!!
තවත් කණගාටුදායක ප්‍රවෘත්තියක්.... එතුමියට නිවන් සුව අත්වේවා...!!!
විශිෂ්ට ගායිකාවක්. සමාදානයේ සැතපේවා
නිවන් සුව ලැබේවා...!!! මෙතුමියගේ මරණය කලා ලෝකයේ කියලා නිම කළ නොහැකි අඩුවකි. දැන් ඉන්නේ ගායිකාවන්දැයි මට ප්රශ්නයකි. භාගෙට ඇඳගෙන ඒ ඇඳුමත් උස්සාගෙන අතින් කොණ්ඩය හදමින් මර ලතෝනි ස්වරයෙන් ගී ගයනවිට...., අසන්නන්ගේ කර්ණ ශංඛය දෙදරා යනු ඇත.
සරසි අධික ශබ්දයකදී (තාරතාව වැඩි) දෙදරන්නේ කන් බෙරය -කරන ශංකය හෙම නෙවෙයි..!
මෙරට බිහිවුණු යුගයක් තම රිදී සීනු හඬින් කුල්මත් කළ හෙළ කලාකාරිනි ඔබතුමියට අමා මහ නිවන් සුව අත්වේවා...!!!