IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිනොපෙක් මත්තේගොඩින් අරඹයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රජය චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල සිනොපෙක් නමින් සිය සේවා කටයුතු  ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය.

මේ සදහා චීනයේ සිනොපෙක් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හා ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලය පමණක් සහභාගී වී සිටීම විශේෂත්වයකි .

මීට පෙර මෙම ඉන්ධන පිරවුම්හල සිපෙට්කෝ යටතේ පැවති අතර චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව එහි නිල ලාංඡනය යටතේ මින් ඉදිරියට සේවා කටයුතු සිදුකරන බව චන්දිම කපුරුගේ මහතා වැඩිදුරටත් කීය.

නව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප 16ක් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර සෑම ඉන්ධන වර්ගයකින්ම රුපියල් තුනක සහනයක් ලබා දී තිබේ.

මීට අමතරව පාරිභෝගික සේවා අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ඉන්ධන පිරවුම්හලට සමගාමීව සුපිරි වෙළද සංකීර්ණයක් ඉදි කිරීමටත් නව පොම්ප සවි කොට වසරක් ඇතුළත ඉන්ධන හල නවීකරණය කිරීමටත් සිනොපෙක් ආයතය පියවර ගැනීමට නියමිත බව චන්දිම කපුරුගේ මහතා පැවසීය.



අදහස් (0)

සිනොපෙක් මත්තේගොඩින් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site