IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


සුන්දර සුන්දරාපොල වෙළට අසූචි හරවලා

(චන්දනී දිසානායක)

දිනකට ගලි බවුසර් හයකින් කුරුණෑගල සුන්දරාපොල කසල මධ්‍යස්ථානයට ගෙනෙන " අසූචි " ප්‍රතිචක්‍රීකරණය නොකර වසර තිහක පමණ කාලයක් තිස්සේ පරිසරයට මුදා හැරීම නිසා කුඹුරු අක්කර සීයක් පමණ පුරන් වෙන්නට ඉඩ හැර ඇතැයි සුන්දරාපොළ ප්‍රදේශවාසීන් වයඹ නව ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඉදිරියේ කියා සිටියේය.

ප්‍රදේශවාසීන් මේ බව කියා සිටියේ , කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සඳහා ආයෝජකයන් කිහිප දෙනකු සමග සුන්දරාපොළ කසල එකතු කිරීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණයට පසුගියදා ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් ගිය අවස්ථාවේදීය .

කුරුණෑගල නගර සභාවෙන් නඩත්තු කරන කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අක්කර විස්සක පමණ භූමි භාගයක සුන්දරාපොළ කසල එකතු කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

විශේෂයෙන්ම වැහැර යුද හමුදා කඳවුර ,බෝයගනේ යුද හමුදා කඳවුර , ,සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව , කුරුණෑගල නගර සභාව යන බල ප්‍රදේශවලින් බැහැර කරන මළ සුන්දරාපලට ගෙන එනු ලබයි .

එම මළ ද්‍රව්‍ය විධිමත්ව බැහැර නොකිරීම සහ ප්‍රතිචක්‍රීකරණය නොකිරීම නිසා අදාළ ස්ථානයෙන් උතුරා යන මල පහ සුන්දරාපොළ වෙල්යාය ඔස්සේ සාරගම වැව දක්වා ගලාගෙන බසීන බව ප්‍රදේශවාසිහු චෝදනා කරති.

මේ හේතුව නිසා මේ වෙල්යාය වසර තිහක පමණ කාලයක සිට වගා කර නොමැති අතර , එම භූමියේ විශාල ගස් වැවී තිබේ . එම වගුරු බිමට කිසිම පුද්ගලයකු නොබසින්නේ විවිධ රෝගයවලට ගොදුරු වීමේ ඇති අවදානම ඇති බැවිනි .

එහෙත් මේ ජලය සාරගම වැවට එකතුවීමෙන් පසු ම වැවෙහි ජලය දුරබැහැර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් මුහුණ සේදීම සිදු කිරීම නිරන්තරයෙන් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති .

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් තොරතුරු හෙළි කිරීමෙන් පසු ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් මාස දෙකකට ගලි බවුසර් ගෙන ඒම නවතා දැමීමට උපදෙස් දුන්නේය. එම මාස දෙකක කාලය තුළ අදාළ ගලි බවුසර් කුරුණෑගල අප ජල අපවාහන පිරිපහදු මධ්‍යස්ථානයට ලබාදීමට සැලසුම් කිරීමට කුරුණෑගල නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා ඉදිරිපත් විය . ඒ මාස දෙකක කාලය තුළ මළ අප ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු සැලසුම් කළ යුතු බව ආණ්ඩුකාරවරයා මව ආයෝජකයන්ට පැහැදිලි කළේය . මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සමඟ කුරුණෑගල නාගරික කොමසාරිස් , කුරුණෑගල ප්‍රාදේශීය සභා ලේකම් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

 

 



අදහස් (2)

සුන්දර සුන්දරාපොල වෙළට අසූචි හරවලා

sam Friday, 20 December 2024 06:46 AM

කෝ ගොබ්බ ජොනියා ඇතුළු මැති ඇමැති නඩේ මෙච්චර කාලයක් බුදියගෙනද හිටියේ? ගසා කෑවා විතරයි.

:       0       3

ගොංගාලේ ගොඩබණ්ඩා Friday, 20 December 2024 08:11 AM

එක්තරා ඉරිදා දිනක මාතලේ නගරසභාවේ ගලි බවුසරය ගෙන්වා ගත්තා. ඉරිදාට ආවේ හොරෙන්. ඒ සල්ලි යන්නේ නගරසභාවට නොව කිහිප දෙනෙක් අතට. ඉතා අධික වැසි දිනයක්. ගැලී බවුසරය පිරෙන්නට ඇද්දත් වැඩේ ඉවර නෑ. ගැලී බවුසරය හිස් කරන්නේ මැක්ඩොවෙල් බලකොටුව තුල ඇති සුසාන භුමියේ වලක් කපා පිරවීම. එහෙත් වල කපන්නට ඉරිදා බැකෝ යන්ත්‍රය නැති නිසා වැසි ජලයෙන් පිරි ඉතිරි යන යන නගරයේ කානු වලට බවුසරය මුදා හරින්නට සුදානම් වුනා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
2025 මැයි මස 05 3 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක


රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 272 0

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 345 1

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 962 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 1051 3

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 895 3

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 686 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 176 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1207 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site