
(චන්දනී දිසානායක)
දිනකට ගලි බවුසර් හයකින් කුරුණෑගල සුන්දරාපොල කසල මධ්‍යස්ථානයට ගෙනෙන " අසූචි " ප්‍රතිචක්‍රීකරණය නොකර වසර තිහක පමණ කාලයක් තිස්සේ පරිසරයට මුදා හැරීම නිසා කුඹුරු අක්කර සීයක් පමණ පුරන් වෙන්නට ඉඩ හැර ඇතැයි සුන්දරාපොළ ප්‍රදේශවාසීන් වයඹ නව ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඉදිරියේ කියා සිටියේය.
ප්‍රදේශවාසීන් මේ බව කියා සිටියේ , කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සඳහා ආයෝජකයන් කිහිප දෙනකු සමග සුන්දරාපොළ කසල එකතු කිරීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණයට පසුගියදා ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් ගිය අවස්ථාවේදීය .
කුරුණෑගල නගර සභාවෙන් නඩත්තු කරන කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අක්කර විස්සක පමණ භූමි භාගයක සුන්දරාපොළ කසල එකතු කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.
විශේෂයෙන්ම වැහැර යුද හමුදා කඳවුර ,බෝයගනේ යුද හමුදා කඳවුර , ,සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව , කුරුණෑගල නගර සභාව යන බල ප්‍රදේශවලින් බැහැර කරන මළ සුන්දරාපලට ගෙන එනු ලබයි .
එම මළ ද්‍රව්‍ය විධිමත්ව බැහැර නොකිරීම සහ ප්‍රතිචක්‍රීකරණය නොකිරීම නිසා අදාළ ස්ථානයෙන් උතුරා යන මල පහ සුන්දරාපොළ වෙල්යාය ඔස්සේ සාරගම වැව දක්වා ගලාගෙන බසීන බව ප්‍රදේශවාසිහු චෝදනා කරති.
මේ හේතුව නිසා මේ වෙල්යාය වසර තිහක පමණ කාලයක සිට වගා කර නොමැති අතර , එම භූමියේ විශාල ගස් වැවී තිබේ . එම වගුරු බිමට කිසිම පුද්ගලයකු නොබසින්නේ විවිධ රෝගයවලට ගොදුරු වීමේ ඇති අවදානම ඇති බැවිනි .
එහෙත් මේ ජලය සාරගම වැවට එකතුවීමෙන් පසු ම වැවෙහි ජලය දුරබැහැර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් මුහුණ සේදීම සිදු කිරීම නිරන්තරයෙන් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති .
මේ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් තොරතුරු හෙළි කිරීමෙන් පසු ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් මාස දෙකකට ගලි බවුසර් ගෙන ඒම නවතා දැමීමට උපදෙස් දුන්නේය. එම මාස දෙකක කාලය තුළ අදාළ ගලි බවුසර් කුරුණෑගල අප ජල අපවාහන පිරිපහදු මධ්‍යස්ථානයට ලබාදීමට සැලසුම් කිරීමට කුරුණෑගල නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා ඉදිරිපත් විය . ඒ මාස දෙකක කාලය තුළ මළ අප ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු සැලසුම් කළ යුතු බව ආණ්ඩුකාරවරයා මව ආයෝජකයන්ට පැහැදිලි කළේය . මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සමඟ කුරුණෑගල නාගරික කොමසාරිස් , කුරුණෑගල ප්‍රාදේශීය සභා ලේකම් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ගොබ්බ ජොනියා ඇතුළු මැති ඇමැති නඩේ මෙච්චර කාලයක් බුදියගෙනද හිටියේ? ගසා කෑවා විතරයි.
එක්තරා ඉරිදා දිනක මාතලේ නගරසභාවේ ගලි බවුසරය ගෙන්වා ගත්තා. ඉරිදාට ආවේ හොරෙන්. ඒ සල්ලි යන්නේ නගරසභාවට නොව කිහිප දෙනෙක් අතට. ඉතා අධික වැසි දිනයක්. ගැලී බවුසරය පිරෙන්නට ඇද්දත් වැඩේ ඉවර නෑ. ගැලී බවුසරය හිස් කරන්නේ මැක්ඩොවෙල් බලකොටුව තුල ඇති සුසාන භුමියේ වලක් කපා පිරවීම. එහෙත් වල කපන්නට ඉරිදා බැකෝ යන්ත්‍රය නැති නිසා වැසි ජලයෙන් පිරි ඉතිරි යන යන නගරයේ කානු වලට බවුසරය මුදා හරින්නට සුදානම් වුනා