
(යොහාන් භාසුර)
ආනයනික සුදු සීනි තොග රට තුළ නොමැති බවත් රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්න හේතුවෙන් ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කිරීමට නොහැකි වීම සීනි හිඟයට හේතුව බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දුඹුරු සීනි ආනයනය තහනම් කර තිබෙන තත්වය තුළ රට තුළ මේ වන විට දේශීය නිෂ්පාදිත දුඹුරු සීනි පමණක් ඇති බව කී සෙනෙවිරත්න මහතා ඉන්දියාවේ සීනි මිල ඉහළ නොගිය හොත් පාලන මිලට සීනි ලබාදීමේ ගැටලුවක් නොමැති බව ද සඳහන් කළේය.
සීනි ආනයනට ඩොලර් ප්‍රශ්නය බලපෑම් කර ඇති බවත් ඩොලර් නියමිත පරිදි ලැබෙන්නේ නම් සීනි ආනයනය කිරීමේ ප්‍රශ්නයක් නොමැති බවත් නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලරුත් පැණි රසයි.
මේ මෙයාගේ කතා.අපිට තේරෙන විදියටනම් මේගොල්ලෝ හංගපු සීනිවල තෙතගතිය වැඩි වෙලා.
ඩොලර් ප්‍රශ්නය විසඳන්න අපේ වරාය ඇමතිට පුළුවන්. නැව් වලින් ගෙනාපු ඩොලර් ටික රත්තරන් වගේ පරිස්සම් කරලා තියනවා.
ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ .බඩු මිල පාලනය කරන්න බැරි ටාසන් (නන්දසේන )කියනවා ඒක මගේ වැඩ නෙවෙයි කියලා .