(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
සීමාසහිත ලංකා සීනි පෞද්ගලික සමාගම එහි සේවකයන්ට දිරිදීමනා සහ ප්‍රසාද දීමනා ලෙස රුපියල් කෝටි 73 කට අධික මුදලක් පසුගිය වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ
මෙම දීමනා ගෙවා ඇත්තේ සෙවනගල සහ පැලවත්ත සීනි සමාගම්වල සේවකයන් සඳහාය.
සෙවනගල අංශය සහ ප්‍රධාන කාර්යාලය සඳහා ප්‍රසාද දීමනා දිරි සහ දිරිදීමනා වශයෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 22 වැඩි මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි
රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට අනුව එම අංශ සඳහා පසුගිය වර්ෂය සඳහා ගෙවිය හැකි ප්‍රසාද දීමනාව රුපියල් දෙකෝටි අසූ හය ලක්ෂයක් වුවද රුපියල් විසි කෝටි එක්ලක්ෂ තුන්දහසක් එකසිය විසි පහක මුදලක් වැඩියෙන් ගෙවා ඇති බව විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.
ලංකා සීනි පෞද්ගලික සමාගම පසුගිය වසරේ දී රුපියල් කෝටි හයසීයක ලාභයක් උපයා ඇති බව විගණන කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විගණකාධිපති මහ බැංකුව විගණනය කරන්නේ නැතිද? නොදන්නා හින්දයි අහන්නේ... හැබැයි අනෙක් සේවකයින් සඳහා අර්ථසාධක පොලිය 9% වෙනකොට මහබැංකුවේ සේවකයින් හට විතරක් 29.78a% ක පොළියක් ගෙවනවාය කියලා පාර්ලිමේන්තුවේ කතා වුණාලු...
කෝටි 600 ලාභ ලබන කෝටි 73 ප්‍රසාද දීමනා ගෙව්වාම මොකක්ද වෙන්නේ... ලංකාවේ පාඩු ලබන ආයතනත් ප්‍රසාද දීමනා ගෙවන කොට...!
පාඩු ලබන තෙල් සංස්ථාවත් දිරි දීමනා ගෙවද්දී, ලාබ ලබන සීනි සමාගම එහි සිටින ප්‍රතිඵල පෙන්නපු සේවකයින්ට දිරි දීමනා ගෙව්වාම ඇති වැරැද්ද කුමක්ද? ඔවුන් ඒක ලබා ගත්තේ කෝටි 600ක් උපයලා කෝටි 22ක් දිරි දීමනා හැටියට...