(නිමල කොඩිතුවක්කු)
ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සීනි බදු වංචාවේ පාඩුව පියවා ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.
මෙම සීනි මාෆියාවේ කොටස්කරුවන් වන ගජමිතුරන් සුරුකීමට රජය කටයුතු කර ඇති බවත් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.
මෙවැනි වංචාවලට ඉඩ දී ඇත්තේ අනාගතයේ එන මැතිවරණ සඳහා වාසි ලබා ගැනීමටදැයි සැකයක් මතුවන බවත් විපක්ෂනායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂනායක පුංචි ප්‍රේමදාස පොඩි දේවල් ගැන කතාකරනවා හැර රටේ මහජනතාවගේ ගැටළු විසඳීම පිළිබඳව විසඳුම් ඉදිරිපත් නොකිරීමට හේතුව කුමක්ද..?
වෙහෙර ගිල්ලා එකාට අග්ගලාව කජ්ජක්ද
අප්පුහාමි අර සංස්කෘතික අරමුදලේ වංචාවට මොකද වුනේ..?
2015 දී මහ බැංකුවේ බැඳුම්කර වංචාවක් වුණා කියලා මෙයා තාම දන්නේ නැතිව ඇති... ඒ වගේම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වුණා කියලත් තවම අවබෝධ වෙලා නෑ වගේ...