IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘සේනා‘ දළඹුවා මර්දනයට දහයියා පිලිස්සු අළු

(කාංචන කුමාර ආරියදාස)
 
වගාවන් රැසකට හානි කරන "සේනා"  දළඹු විශේෂය මර්දනය කිරීම සඳහා දහයියා පිලිස්සු අළු වගාබිම්වලට ඉසීම කළ හැකි බව  සොබාදහම් ගොවිපලේ නිර්මාතෘ පරිසරවේදී තිලක් කන්දෙගම මහතා අද (23) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.


දිවයිනේ බොහෝ ප්‍රදේශවල "සේනා" නැමති ආක්‍රමණික දළඹුවෙක් නිසා ගෝවා වගාව බඩ ඉරිගු වගාව ආදී බෝග වගාවන් රැසක් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේ ය. 


මෙම දළඹු විශේෂය මීට වසර දෙකකට ඉහත දී මෙරටට පැමිණි දළඹු විශේෂයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකොට මේ වනවිට ගොවීන්ට විශාල හානිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන වකවානුවක හෝ ඊට නිසි විසඳුම් යොදන්නේ නැති බවද හෙතෙම සඳහන් කළේය.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වනවිට මෙම දළඹු විශේෂ පිරිමි සතුන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එය අසාර්ථක වැඩපිළිවෙලක් බව ද හෙතෙම සඳහන් කළේය. 

 
විශේෂයෙන්ම  දළඹු වන් අළු වලට දැඩි බියක් මෙන්ම අප්රියාවක් පළකරන බවත් උදෑසන 7 වන විට දහයියා පිලිස්සු අළු සති දෙකක පමණ කාලයක් වගාවට යෙදවීම සිදු කළහොත් මෙම දළඹු විශේෂය ගොවිබිම් වලින් පලා යන බව හෙතෙම කියා සිටියේ ය.


මේ පිළිබඳව  කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය යොමුකොට ගොවීන් ආරක්ෂා කිරීම සිදු කළ යුතු බවත් විශේෂයෙන්ම මෙරට වී  මෝල් වල  දහයියා පිලිස්සු අළු ඕනැතරම් පවතින බවත් ඒවා ගොවීන්ට ප්‍රවාහනය කර දීම පමණක් සිදුකළ යුතු බව තිලක් කන්දෙගම මහතා අවධාරණය කළේය.

 (සේනා දළඹුවාගේ ඡායාරූප - හිරාන් ප්‍රියංකර)



අදහස් (0)

‘සේනා‘ දළඹුවා මර්දනයට දහයියා පිලිස්සු අළු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site