(යොහාන් භාසුර)

වත්තල සහ පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩා තුනකින් සඟවා තිබූ සීනි මෙටි්‍රක්ටොන් 4000 ක් හෙවත් කිලෝ ලක්‍ෂ 40 කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාල සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහූ අද  සමත් වූහ.

පෑලියගොඩ ප්‍රදේශයේ ලියාපදිංචි ගබඩා දෙකක තිබූ සීනි මෙටි්‍රක්ටොන් 3100 ක් හෙවත් කිලෝ ලක්‍ෂ 31 කට අධික ප්‍රමාණයක් සොයගත් බවත් එම සීනි තොග පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි කර නොතිබීම නිසා එම ගබඩා දෙකට මුද්‍රා තැබූ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පැවසීය.

වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවේ සීනි සීනි මෙටි්‍රක්ටොන් 900 ක් හෙවත් කිලෝ ලක්‍ෂ 9 කට අධික ප්‍රමාණයක් සොයාත් බවත් එම සීනි තොග සම්බන්ධයෙන් නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාල කීය.