
(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් එක්විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් තමන් සමගි ජන බලවේගය හා එක්වූ බව ඇය සඳහන් කළේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු ඇය මෙලෙස සමගි ජන බලවේගය හා එක්විය.
කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජලනි ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද, රනිල්, සජිත් තුන්දෙනාගෙන් කෙනෙකුගේ සරණ යනව හැර වෙන මොකක්ද නේද.
කැතයි
අන්රයියෙ ඔය අර ඔයා කියපු පරන කොබෙයියෝ නෙවෙයි, පුතානෝට එන අලු චන්ද හොදේ, බයද....
ඉගෙනගත් කාන්තාවක් හැටියට ඇයට අනාගතය ගැන කියන්න පුළුවන්...
තමන්ගේ ගෞරවය නැතිකර ගත් තවත් එක් වෘත්තීය වේදිනියක්
බොරු බෙහෙත් ඇමැතියාට ඡන්දෙ දීපු දොස්තර නෝනෙක්...!
ඉගෙනගත් කාන්තාවෝ කියන්නේ අර පලා බෙද බෙදා ඉන්නකොටත් මහින්දලා එක්කම ලැගීමද? මතකද රජයේ තනතුරක් නොදී ඇරියා. අනුර මේවාට බය වෙන්න මෙයාලත් ඡන්ද පදනමක් ඇති අයද, එහෙට මෙහෙට පනිනවා හැර...
ඔව් දැන් යන්න තියෙන්නේ රනිල්ගේ හෝ සජිත්ගේ අම්බලමට තමයි. NPP කොහොමත් ගන්නේ නැහැනේ...
කවුරු එහෙ මෙහෙ කොහෙ ගියත් මෙදාපාර ජනතාව මාලිමාවට...!
මනුස්සයා මැරුණු නිසා දේශපාලනේට ආවට මෙයා දන්නා දේශපාලනයක් නැහැ. කරපු කෙන්ගෙඩියකුත් නැහැ. පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපු දවසේ කතානායකගේ පුටුව වටකරගෙන හිටපු දෙතුන්දෙනා අතරේ මෙයත් හිටියා. ඉතින් මොකටද මෙයාගේ උගත්කම්. මෙදා පාර කොහොමත් පාර්ලිමේන්තුවෙන් විසිවෙන චරිතයක්...!
සහය නම් ඕනෑ කෙනෙකුට දෙන්න බැරියෑ. ඡන්දේ දෙන්නේ කාටද කියලා තීරණය තියෙන්නේ ජනතාව අතේ...?
ඇත්තටම කනගාටුයි. උගත්තු, හොර සල්ලිත් එක්ක කලවම් වෙද්දී... රටට ගිය කලක්...