
(ඩී.ජී. සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කි රිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් නතර කිරිමට පියවර ලදි.
දිස්ත්‍රික්කයේ ඇත පළාත් වලින්පවා බස් රථ පහකින් 500කට ආසන්න පිරිසක් මෙම සාදයට ගෙන්වා තිබු අතර එම පිරිසට දිම සඳහා උත්සව ශාලාවේ සුදානම්කර තිබු ආහාර පාන තොගය එම නිලධාරින් බාරයට ගෙන ඉදිරි නිතිමය කටයුතු කිරිම සඳහා හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන්වා බාර දෙනු ලැබිය.
පසුව පැමිණ සිටි පිරිසට හිස් අතින්ම ආපසු බස් රථවල නැගි යාමට සිදුවිය.
මැතිවරණ ආරවුල්නිරවුල් කිරිමේ මධ්‍යස්ථානය පැවසුවේ උත්සව ශාලාවල හෝටල්වල රැස්විම් පැවැත්විය හැකි නමුත් මත්පැන් සාද සංග්‍රහ කිරිම් ආදිය කල නොහැකි බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් පාර්සලයක් දීලා ඡන්දෙ ගන්න පුළුවන් නම් තත්වය තවම තියෙනවා නම් එම කාරණාව දැඩි සාකච්ඡාවකට බඳුන් විය යුතු මාතෘකාවක්...
ආහාරවලට නීතිමය කටයුතු කරනවා පෙනුණා. ඒ පැත්තේ පොලීසියේ නෝනලා මහත්තුරු. සිලිමලුවලට පුරවලා පරිප්පු, මස් මාලු කරි, එලවළු, බත් එහෙම අරගෙන ගියේ ගෙදර...
ඒකනම් නියම වැඩක්... ආපු අය මොන පක්ෂයේ වුණත් කරපු වැඩේ නියමයි... ඡන්දය බුද්ධිමත්ව හිතලා දීපල්ලා... ඒකට පාටි දාන්නේ මොකටද?
අපේ ගෙවල් පැත්තේම මීටින් කීයක් තිබුණාද හෝටල්වල, ඒවායේ කන්නත් දීලා තිබුණා... ඕවා නිකන් පුස් වැඩ...