( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරගහහේන කුඹුක නිවසකදී පැවත්වූ සාදයකින් පසුව නිවසට කඩා වැදී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් නීතීඥවරයා අද (4) හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.
මෙලෙස රිමාන් භාරයට පත් කරන ලද්දේ නිතීඥ ඩිලාන් රණසිංහ නැමැත්තෙකි.
ඊයේ රාත්‍රී සැකකාර නීතීඥවරයා ඔහු පදිංචි නිවස ආසන්නයේ නිවසක පැවති මත්පැන් සාදයකට සහභාගි වී අනතුරුව එහි සිටි පිරිස සමග බහින්බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
බීමතින් සිටි නීතීඥවරයා ඔහුගේ නිවසට ගොස් ගිනිඅවි රැගෙන පැමිණ සාදය පැවති නිවැසියා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බවත් වෙඩි ප්‍රහාරය බිත්තියට සහ ජනේලයට එල්ල වී තිබූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
වෙඩි තැබීමට යොදා ගත් බෝර 12 ගිනි අවියට බලපත්‍ර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හික්මීමක් ඉවසීමක් නැති මිනිස්සු. අනිත් වැදගත් කාරණය නම් එම ප්‍රදේශයටත් ඇදිරිනීතිය පනවා තිබෙන අවස්තාවක මෙය සිදුවුවා නම් නීතියට සම්බන්ද වෙලත් නීතියට අවනත නොවී ඒකරාශී වී සාදයක් පැවත්තුවුයේ කෙසේද ? එහි සිටි සියල්ලෝම ඇතුලේ සිටිය යුතු නොවේද ?
ඇඳිරි නීතිය පනවා ඇති මොහොතේ සාදයට සම්බන්ධ වුණු සියල්ලන්වම නීතිය හමුවට ගෙනෙවිත් රක්ෂිත බන්දනාගාර ගතකල යුතුමයි.
බලපත්‍ර තිබුණට පුළුවන්ද? පළමු චෝදනාව ඇදිරිනීතිය තිබුණු වෙලේ මත්වතුර සාදයක් තිබ්බෙ කොහොමද?
නීතිය දන්නා කෙනෙක් නිසා නඩුවෙන් බේරෙන එක කජ්ජක්ද?
ඔව් අප්පා, අපේ ගමේ දැන් පාලු ගෙවල් වල ප්‍රාදේශී බබාල සාද, ගුටි කෙලි එමට, කුණුහරුප වකාරේ, කසිප්පු බැරල් , මක්ක කොරන්නද බඩුත් නඩුත් දෙකම ???
මේ හාදයෝ මේ දවස් වල බොන්න ගතපු තැන චුට්ටක් කියනව නම්...