IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුද්දන්ට පොල් වතුර පොවා කෝටි 340ක් සොයයි

(අංජුල මහික වීරරත්න)

පොල්වතුර අපනයනයෙන් 2024 පෙබරවාරි මාසයේ දී  රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපැයූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

2023 පෙබරවාරි මාසයේ  පොල් වතුර අපනයනයෙන්  උපයා ඇති මුදල රුපියල් මිලියන 2705කි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන ආදායමේ ඉහල යාමක් පෙන්නුම් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන්  පෙරේරා මහතා පැවසීය.

 කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වූ අතර මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සත්ව හානිය නිසා වාර්ෂිකව අහිමි වන පොල්ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකි වන්නේ නම් මීට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවයි.



අදහස් (0)

සුද්දන්ට පොල් වතුර පොවා කෝටි 340ක් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site