
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත්බව කියන පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සුදු පැහැති වෑන් රියකින් රැගෙන යමින් සිටියදී එම රත්නපුර ප්‍රදේශයේදී වෑන් රථයෙන් පැන සිය දිවි බේරාගෙන ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
එම දරුවා පැහැර ගත් බව කියන වෑන් රථය සහ එහි ගමන් ගත් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියකුු පැවසීය.
කහතුඩුව ප්‍රදේශයේ පදිංචි පිළියන්දල ප්‍රදේශයේ ජාතික පාසලක 11 වන වසරේ ඉගෙනුම ලබන එම දරුවා ඊයේ (16) සවස 04.00 ට පමණ අමතර පන්තියට සහභාගී වීම සඳහා පාපැදියෙන් යමින් සිටියදී කහතුඩුව සරණ තිස්ස මාවතේ. සූසාන භූමිය අසලදී සුදු පාට කුඩා වෑන් රථයකින් පැමිණි පිරිසක් එම දරුවාව පාපැදියත් සමග පැහැරගෙන ගොස් තිබූ බව දරුවා පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ සුදු වෑන් ගෝඨාගේ නම් මේ කාලේ සුදු වෑන් අනුරගේ වෙන්න ඕන. පැලවත්තේ ඩෝබි කෙනෙක් උත්තර දෙන්න බලන්න.
ගෝටාගේ සුදු වෑන් නෙමෙයි නේද ?
මේ වගේ සිද්ධිවලට නම් කිසිම වෙලාවක, ඉඩ තියන්න එපා, ආණ්ඩුව මේකට මැදිහත් විය යුතුමයි... මෙයා ඉතාමත් භයානක තත්ත්වයක් මොවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි. කාරණය අදාල නෑ. නැවත ගෝනි බිල්ලන්ට මේ රට බාරදිය යුතු නෑ..