(ප්‍රසන්න පත්මසිරි)
මැදගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයකු මෙහෙයවූ බව කියන මහා පරිමාණ සුදු පොළක් වටලා මන්ත්‍රිවරයා සමග සැකකරුවන් අට දෙනකු මුදල් නෝට්ටු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මැදගම බකිණිගහවෙළ වසා දමා තිබෙන ගරාජයක සැකකරුන් බීමත්ව මුදලට සුදු කීඩාවේ යෙදී සිටියදි පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් මැදගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා ඇතුලු මොණරාගල,නක්කල,බුත්තල යන ප්‍රදේශ වල පදිංචි සැකකරුවන් ළග තිබී රුපියල් 40000ක මුදලක් සොයාගත් බව පොලිසිය කියයි.
සැකකාර මන්ත්‍රිවරයාගේ සුදු පොළේදි පරාජයට පත්වන පුද්ගලයන්ගේ වාහන ඇතුලු වටිනා දව්‍ය අඩු මිලට උකසට ගෙන තිබෙන බව කියන එම මන්ත්‍රිවරයා පිළිබද පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.
මෙම සුදු පොළට ඇතුලුවීමට රුපියල් ලක්ෂයක මුදලක් තිබෙන බව මන්ත්‍රිවරයාට පෙන්විය යුතු අතර දිනකට ලක්ෂ පනහක් පමණ සුදු පිටියේ මුදල් සංසරණය වන බවත් එයින් විශාල කොමිස් මුදලක් මන්ත්‍රිවරයාට ලැබෙන බවට තොරතුරු ලැබුන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd