(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉකුත් 19 වැනිදා මීරිගම ප්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳසැලකින් සිංහල කාන්තාවන් අඳින සුදු සාය සහ හැට්ට යුගල 10ක් මිලදී ගත් බුර්කා ඇඳුමින් හිස වසාගෙන පැමිණ කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.
ඔවුන් මෙම ඇඳුම් මිලදීගෙන ඇත්තේ ඉදිරි වෙසක් හා පොසොන් උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානවලදී කිසියම් අපරාධයක් කරන සූදානමෙන් යැයි ආරක්ෂක අංශවලට සැක පහළ වී තිබේ.
ඉකුත් 19වැනිදා වෑන් රියකින් පැමිණි පිරිසේ කාන්තාවන් තිදෙනෙකු, අත දරුවකු හා පිරිමියෙකු ඉකුත් 19 වැනිදා සවස 6.30ට පමණ පැමිණ රුපියල් 29,020ක් වටිනා රෙදි මිලදී ගෙන ඇත. සිංහල කාන්තාවන් අදින සුදු පැහැති සාය හැට්ට 10 ක් සහ තවත් ඇඳුම් ද, අත දරුවාට සෙල්ලම් බඩුද මිලදී ගෙන ඇති බව හෙළි වී ඇත.
මෙම කාන්තාවන් තම සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරාගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මෙම ස්ථානයෙන් මිලදී ගත් සාය හැට්ට යුගල 5ක් සායින්දමුරුදු සුනාමි ගම්මානයේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර මිලදීගත් අනෙක් ඇඳුම් කට්ටල 5 සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වේ. එම ඇඳුම් කට්ටල කිසියම් ස්ථානයකදී වෙනත් සාමාජික පිරිසක් අතට පත් කළාදැයි සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
ත්‍රස්ත කල්ලියේ සාමාජිකාවන් ඉදිරි වෙසක් පොසොන් උත්සව සමයේදී සිංහල කාන්තාවන් ලෙස සැරසී අපරාධ හෝ පිපිරුම් සිදුකිරීමට සූදානම්ව සිටීදැයි දැඩි සැකයක් ඇතිවී ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
කල්මුණ සායින්දමරුදු සුනාමි ගම්මානයේදී පසුගිය 26 වැනිදා බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්ත්‍ර කල්ලියේ සාමාජික පිරිස සිටි නිවසේ තිබී හමුවූ රෙදි කවරයක තොරතුරු පිළිබඳව කළ පරීක්ෂණවලදී මෙසේ සැක සිතුණු බව පොලිසිය කියයි.
මෙම පිරිස පැමිණි වෑන් රිය එහි රියදුරා හා කාන්තාවන් තිදෙනා හඳුනා ගැනීමට සහාය දක්වන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පේනවා මුස්ලිම් මුහුණු ආවරණ, ඇදුම් අපරාද වලට පහසුවෙන් යොදා ගන්න එක ගැන.
යස අගේට අදුන ගන්න පුළුවන්
වෙළදසැලේ ඇතුලත කැමරා පරික්ෂ කර බලන්න. අනෙක සල්ලි වලට වහ වැටුණු අපේ මිනිස්සුට මොළයක් තිබුණානම් ටිකක විපරම් කරන්න තිබුණා මුස්ලිම් ගැහැණු මොකටද මේවගේ ඇදුම් තොර ගත්තේ..? අඩුම තරමේ බිලෙවත් දුරකථන අංකය සදහන් කර ගන්න තිබුණ.. මොකද ගොඩක් දුරට දැන් බඩු මිලිදී ගැනීමේදී තමන්ගේ දුරකථන අංකය සදහන් කරනවා...
ඇයි මෙයාලා සුදු ඇඳුම් එකතු කරන්නේ..? පෝයදාට වෙස්වලාගෙන විහාරස්ථානවල රැස්වෙන බෞද්ධ ජනතාවට පහර දීමකටද?
අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා... හැකි ඉක්මනින් හොයා ගත්තේ නැත්තන් ලොකු විනාශයක් වෙයි වගේ...
හදිසි නීතිය යටතේ තාවකාලිකව කරපු තහනමින් පලක් වෙන්නේ නෑ. පොදු නීතිය යටතට මේ දේවල් ගේන්න ඕන. ඒකයි දීර්ඝ කාලීන විසඳුම.
පුදුම මිනිස්සු... සල්ලි වලට ආසාවේ ඔහොම තමන්ගේ ජාතිය මැරෙනවා බලන්න පුලුවන්ද? මුස්ලිම් කාන්තාවක් ඇවිත් සුදු ඇඳුම් ගන්නකොට ඕනෑම මොලයක් තියෙන මිනිහෙකුට තේරෙනවා මොකක්දෝ මෙතන දෙයක් තියෙනවා කියලා. පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා. ඉස්සෙල්ලම ඒ ගොන් තඩියට බෙහෙත් කරන්න වෙනවා මොලේ පෑදෙන්න.
ඔය සාය හැට්ට ටික රටේ ආරක්ෂාවට වග කිවයුතු රාජකාරි අමතක කල උදවියට අන්දවන්න . තව මොකවත් කියන්න බැරි තරම් අපිට මේ දේශපාලක උන්දලා පිළිකුල්.
දැන් තේරෙනවනෙ බුර්කාව ත්‍රස්ත ක්‍රියාවල මෙවලමක් බව. බුර්කාව හිජාබය සදහටම තහනම් කලයුතුයි.
ඔවුන් කාන්තාවෝමද කියලා කවුද දන්නේ?