
(රෝෂන් තුෂාර)
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ලොරි රථ හා රියදුරන් හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අධ්‍යක්ෂක ධූරය දැරූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබා දී රියදුරුට වැටුප්ද ගෙවා රජයේ දේපළ අවභාවිතා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවකු වන ඉන්දික රත්නමලල සැකකරු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල අතිරේක මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය .
අදාළ ලොරි රථය අමාත්‍යංශයේ රාජකාරි සඳහා යොදවන බවට සටහන් තබමින් පෞද්ගලික ආයතනයකට ලබා දී සේවකයන්ට රජයෙන් වැටුප් ගෙවා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු දක්වමින් පැවසීය.
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු,ඔහුගේ බාල පුතු සහ ලොරි රථයේ රියයදුරු හීනටිගලගේ සමන් විතාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවද,ඔවුන් සැඟව සිටින බවද පොලිසිය කරුණු ඉදිරිපත් කර ඇත.
සැකකරු 2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා සතොස ආයතනයේ මෙහෙයුම් හා ප්‍රවාහන කලමනාකාරවරයා ලෙස කටයුතු කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජොන්සන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු ,මොහොමඩ් සකීර් සැකකරුවන් දෙදෙනා පසුගිය 31 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
COMMENTS