(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සත්ව ගොවිපල වලින් විවිධ හේතුන් මත මරණයට පත්වු කුකුළුන් මිනිස් පරිභෝජනය සදහා අලෙවි කිරීමේ යෙදුණ ව්‍යාපාරික ස්ථානයක් හා මස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු මස් කිලෝ 75 ක් සමඟ අත් අඩංගුවට ගැනිමට ආණමඩුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් කටයුතු කර තිබුණි.
මිය ගිය සතුන් සත්ව ආහාර සදහා රැගෙන යන බව පවසමින් රැගෙන ගොස් මිනිස් පරිභෝජනය සදහා අලෙවි කිරීමේ නිරතවු ව්‍යාපාරිකයකු හා මස් බෙදාහැරිමේ නිරත වු අයකු සමග එම ජාවාරමට සම්බන්ධ තවත් අයකු සමග මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.
අදාල වැටලීමේදි වෙළද සැල තුළ අලෙවි කිරීම සදහා සුදානම් කර තිබු කුකුල් මස් කිලෝ 75 ක ප්‍රමාණයක් සොයා ගැනිමට වැටලීමට එක්වු ආණමඩුව මහජන සෞඛ්‍ය පරික්ෂක සිසිල් චාමර හේමචන්ද්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය සතුන් සත්ව ආහාරයට? මේ සක්කිලින්ට උපරිම දඩුවම් දෙන්න. ඒ වගේම නම්, ගම් ප්‍රසිද්ධ කරන්න.