
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වෙනුවෙන් පොල් ගෙඩි ලක්ෂ දහයක් මුදා හරින බවද අමාත්‍යවරයා කීය.
"පොල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයට අයිති ආයතන පද්ධතියක් තිබෙනවා.රජයේ වතු වල පොල් නිෂ්පාදන නාගරික ජනතාවට රුපියල් 130 ට විකුණන්න අප කටයුතු කරනවා.
එමෙන්ම දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් රුපියල් 220 මිලකට මුදා හැරීමට සහල් මෝල් හිමියන් එකඟ වී තිබෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට අනුරට - පොල් බෑය සීයට !