
(යොහාන් භාසුර)
සතොස හරහා දිනකට අළෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් දක්වා හෙට (9) සිට වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
රජය සතු පොල් ඉඩම්වල පොල් මෙසේ සතොස හරහා අළෙවි කරන බවත් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනතාවට සතොසෙන් පොල් මිලදීගත හැකි බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න ඇමරිකාවේ ෆ්ලොරීඩා වල අපේ ගෙදරත් පොල් ගස් දෙකක් තියෙනවා. ගොඩක් අය ගෙවතු අලංකරණයට පොල් ගස් හිටවනවා. ලංකාවේ අය හිටවන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති ගස්. මෙහේ පොල් වතුර වෙනම බොනවා. සුපර්මාකට් වල මාරම ජනප්‍රියයි.
දැනට පවතින කුරුමිනි වසංගතය රිලා දඬුලේන් ඉත්තෑ වසංගත පාලනය කිරීමට රජය මැදිහත් නොවුණොත් අනාගතේ පොල් කෑම අමතක කරන්න වෙනවා..
ඒ කියන්නේ සතොස ශාඛාවකට පොල් 455 ක්... මහාචාර්ය කට්ටලය හිතන්නේ මේ ඇති කියලද? මාසයකට පොල් හැට ලක්ෂයක් සපයන්න හැකියාව සතොස සතුද?
රජය සතුව තිබු වී ගබඩා වල් වැදීමට ඉඩහැර, රජය වී ඇටයක් මිලයට නොගෙන, එම වී මහ මෝල් හිමියන් අතට පත්කරීමට ඉඩ සැලසූ පැවැති රජයන් පත්කීරීමට ඡන්දය දුන් සීමිත පිරිසක් එම තත්වය දැන දැනම සහල් මිල ගැන රජයට දොස් තබයි. සාමාන්‍ය ජනයා තත්වය වටහාගෙන ඇත. පොල්වල තත්වයද එසේමය. රජයේ සතු සීමිත පොල් අස්වැන්න මෙසේ බෙදා හැරීම ප්‍රශංසා කටයුතුයි. කෙනෙකුට මෙය පෝලිම් ලෙස සිනාසිය හැකි නමුත් ඔවුන්ගේ හිටපු පාලකයින් කළ අමන වැඩවල තවත් ප්‍රතිඵලයකි...
ඉස්සර නම් මේ වගේ දේවල් වලට උපදෙස් ගන්න හිටිය සියල්ල දත් සහෝදරවරු ටිකක්...
අපි රටින් පොල් ගෙන්වමු නේද? ප්‍රමාණවත් නැත්නම් වෙන මොනවා කරන්නද?